කුඩා දරුවන් ප‍්‍රවේශම් කර ගන්න: පැපොල රෝගයට සමාන වෛරස් උණක් උතුරේ පැතිරෙනවා

මේ දිනවල උතුරේ ප‍්‍රදේශ කිහිපයක කුඩා දරුවන්ට කුඩා වතුර බිබිලි සහිතව උණක් වැළඳී පසුව එම වතුර බිබිලි පුපුරා ගොස් තුවාල වීමේ වෛරස් රෝගයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම වෛරසය වැළඳීමෙන් පසුව බොහෝ විට දරුවන්ගේ අතේ අල්ලෙහි මෙන්ම පිටතද කකුලේ යටිපතුල්හි සහ ශරීරයේ තැනින් තැන රතුපාට බිබිලි මෙන්ම වතුරු බිබිලි ලෙසින් දකිය හැකිය. මෙය කුඩා දරුවන්ට එය මහත් වේදනාකාරී හෙයින් උණ රෝගයද දින ගණනක් යන තුරු පවතින බවත් වෛරයසය අවුරුද්දකටත් අඩු දරුවන්ටත් වැළඳි ඇති බව වාර්තා වන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් මෙසේ සඳහන් කළේය.

‘‘මෙම රෝගය පැපොල රෝගයට සමාන නමුත් එතරම් බිය විය යුතු නැහැ. නමුත් කුඩා දරුවන්ට මෙම රෝගය වැළඳී ඇත්නම් කුඩා දරුවන් එළිමහනේ තැබීමෙන් වළකින එක තමයි සුදුසුම පියවර වන්නේ. ඒ වගේම දරුවන් පෙර පාසල් මෙන්ම පාසල් නොයවා දරුවන් නිවසේ තබා ආරක්ෂා කර ගැනීමට හැකිනම් එය ඉතාම වැදගත්. අදාළ වෛරසය වැළඳී පවතින කාලය එක් එක් දරුවාගේ ප්‍රතිශක්තිකරණය වන අතර එම කාලය සතියේ සිට මාසයක් පමණ විය හැකියි. එබැවින් හැකි පමණින් රෝගය වැළඳී ඇති දරුවන්ගෙන් අනෙක් දරුවන් වෙන් කොට තබාගන්නා ලෙසයි අපි වැඩියෙන්ම ඉල්ලා සිටින්නේ’’

Recommended For You

About the Author: Editor