දයාසිරි ජයසේකර සහයෝගය දුන්න ජනපති අපේක්ෂකයින් තුන්දෙනාම පරාදයි – කාංචන විජේසේකර

පොහොට්ටුවේ අපේක්ෂකයා පක්ෂ සම්මේලනයේදී /OL විභාගයේ කාලසටහන වෙනස්කර ජනපතිවරණ කල් දමා ගැනීමට ආණ්ඩුව උත්සාහ කළ හැකියි/ දයාසිරිව හෝදලා තමයි අපේ පැත්තට ගන්න වෙන්නේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහාය දුන් ජනපති අපේක්ෂකයින් තිදෙනාම පරාජයට පත්ව ඇති බවත් ඔහුව යළි පොදුජන පෙරමුණ ගන්නේ සෝදා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ කාංචන විජේසේකර මහතා,

ජනාධිපතිවරණය පිළිබඳ මාතෘකාව විවිධ මාධ්‍ය හරහා පසුගිය කාලයේ අපි දැක්කා. විවිධ දේශපාලන පක්ෂ නායකයන් ඔවුන්ගේ අපේක්ෂකයා පිළිබඳ සඳහන් කරනවා. අපි පොදුජන පෙරමුණ හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිවරනය ඉලක්ක කරගත්  වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අපේක්ෂකයන් නම් කිරීමේ කටයුත්ත පොදුජන පෙරමුණු ජාතික සම්මේලනයේදී  එළිදක්වන්න, කරුණු ඉදිරිපත් කරන්න,   අපි සූදානම් වෙලා ඉන්නවා.

අපි පොදුජන පෙරමුණ හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිවරනය ඉලක්ක කරගත්  වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අපේක්ෂකයන් නම් කිරීමේ කටයුත්ත පොදුජන පෙරමුණු ජාතික සම්මේලනයේදී  එළිදක්වන්න, කරුණු ඉදිරිපත් කරන්න,   අපි සූදානම් වෙලා ඉන්නවා.

නමුත් අපි දැක්කා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දිගින් දිගටම අපේක්ෂකයන් පිළිබඳ යම්කිසි මතයක් රටට පලකරලා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය  ඇතුළු සමස්ත විපක්ෂය තුල යම්කිසි බෙදීමක් හදන්න උත්සාහ කරනවා. අපට තවමත් සැකයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ඊළඟ මැතිවරණය වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අපේක්ෂකයාට සහයෝගය ලබා දෙයිද, නැත්නම් ආණ්ඩුව නියෝජනය කරන අපේක්ෂකයාට සහයෝගය ලබා දීලා අවසාන මොහොත පිල් මාරුවක් කරයිද කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරුන්ගේ එහෙම පූර්වාදර්ශ ඉතිහාසයේ තියෙනවා. දයාසිරි ජයසේකර පහුගිය ජනාධිපතිවරණයේදී  ඒ කියන්නේ 2005 රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය යෙදුණා. 2010 සරත් ෆොන්සේකා මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණා. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ  යෙදුනා. මේ අවස්ථා තුනේම එතුමා සහයෝගය දුන් ජනාධිපති අපේක්ෂක තුන්දෙනාම පරාජයට පත්වුණා.  ඉදිරි ජනාධිපතිවරණයේ දී   අපේ පැත්තේ අපේක්ෂකයා  සඳහා සහයෝගය ලබා ගන්න කොට එතුමාව ටිකක් හෝදලා ගන්න ඕන කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද එතුමා විසින් නම් කල අපේක්ෂකයෝ තුන් දෙනාම ඒ මැතිවරණය අවස්ථාවේදී පරාජයට පත්වෙලා තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා දින වකවානු ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. අපි විශ්වාස කරනවා දෙසැම්බර් 9 වැනිදාට පෙර මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි යන්න. අධ්‍යාපන අමාත්‍යාංශය  සහ විභාග දෙපාර්තමේන්තුවෙන්  සාමාන්‍ය පෙළ විභාගය සඳහා කාලසටහන නිකුත් කරලා තියෙනවා. දෙසැම්බර් 2 වෙනිදා ඉඳලා තමයි  සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන්නේ. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර නොවැම්බර් අවසාන සතිය වෙනකොට මේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තියෙනවා. සාමාන්‍ය පෙළ පෙළ විභාගය කාලසටහන වෙනස් කරලා   මැතිවරණය කල් දමා ගැනීමට රජය උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් සහ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් නොවෙන ආකාරයට ජනාධිපතිවරණයට දින නියම කරන්න කියලා.

Recommended For You

About the Author: Editor