මගමරුවෙක් ප‍්‍රපාතයකට එබී ඉන්දියාවේ 25කට දිවි අහිමි වෙයි

‘‘මගමරුවා’’ ලංකාවේ අපිට මගමරුවෝ දෙන්නෙක් ඉන්නවා එකෙක් කුඩා සර්පයෙක්. අනෙකා මහම මහ විශාල සතෙක්. ඒ තමයි ‘‘ප‍්‍රයිවෙට් බස්’’

ලංකාවේ අපිට පුද්ගලික බස් මගමරවෝ වුණේ කෑලි කපා ගන්න රේස් ගිහින් අපේ ජීවිත මහ පාරෙදී බිළිගන්නා නිසයි. යාංගල්මෝදර මහ අනතුර මේ මගමරුවන්ගේ වික‍්‍රමයන් ගැන එක් සදා සිහිවටනයක් පමණයි.

මගමරුවෝ ඉන්නේ ලංකාවේ පමණක් නොවෙයි. අපි වාගේ දුප්පත් රටවල් රැසක මේ මගමරුවෝ ඉන්නවා.

ප‍්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යමින් සිටි පුද්ගලික බස් රථයක් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ කල්ලූ දිස්ති‍්‍රික්කයේ බස් රථයක් අඩි 600ක පමණ ප‍්‍රපාතයකින් පහළට පෙරළීම නිසා පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය කියනවා.

රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවන්නට ඇති බවටයි සැලකෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ප‍්‍රමාණය ඉක්මවා මගීන් ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ.

සිද්ධියෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන්ගෙන් කුඩා දරුවන් හා කාන්තාවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor