ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ජනතා රජයකින් රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ජනතා රජයක් යටතේ රට ගොඩනැගීම සදහා වන ජාතික ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ රැසක් මේ වන විට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා අරඹා ඇත.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහජන පක්ෂය, ලිබරල් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ලංකා එක්සත් කම්කරු පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, යන පක්ෂ සමග දැනටමත් සාකච්ඡුා පවත්වා අවසන් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා සදහන් කරයි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණවලදී එක්ව කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරෙයි. ඒසේම, ඉදිරි දින කිහිපයේ තවත් දේශපාලන ගණනාවක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Recommended For You

About the Author: Editor