U TV ගැන සමාජ මාධ්‍ය පුවත සාවද්‍ය බව කතානායක මාධ්‍ය අංශය කියයි

පාර්ලිමේන්තුවේ සභා වාරයන්හි විකාශන කටයුතු කථානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත් විමකින් U TV නැමැති පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට ලබා දී ඇති බවට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන පුවත ව්‍යාජ පුවතක් බව කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. එම නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තුවේ සභා වාරයන්හි විකාශන කටයුතු ගරු කථානායකතුමාගේ මැදිහත් විමකින් “U TV”  නැමැති පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට ලබා දී ඇති බවට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන  පුවතක් අපගේ දැඩි අවධානයට ලක්ව ඇත. එම පුවත මුළුමනින්ම සාවද්‍ය බවත්,  ගරු කථානායකතුමන් කිසිවිටකත්  එවන් මැදිහත් වීමක් සිදුකර නොමැති බවත්,  කිසිදු පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට , ගුවන්විදුලි නාලිකාවකට හෝ සමාජ මාධ්‍ය ආයතනයකට පාර්ලිමේන්තුවේ කටයුතු විකාශනය කිරිමේ අයිතිය ලබා දී නොමැති බවත්,   අවධාරණය කරමුකථානායක මාධ්‍ය අංශය

Recommended For You

About the Author: Editor