ආයෝජනයට තිබූ ලොකුම බාධාව දැන් ඉවරයි – අගමැති රනිල් වික‍්‍රමසිංහ

දකුණු පළාත හා මොනරාගල දිස්ත්‍රික්කය දියුණු කිරීමට ‘‘රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව’’ස්ථාපිත කිරීම සඳහා සැලසුම් සම්පාදනය වෙයි

මෙරට ආයෝජනය කිරීමේදී ප්‍රධානතම බාධකයක්ව පැවති ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත පසුගිය සතියේ ඉවත් කළ බැවින් දැන් බියෙන් සැකයෙන් තොරව දෙස් විදෙස් ආයෝජකයන්ට තම ආයෝජන සිදුකළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද මොනරාගලදී ප‍්‍රකාශ කළා.

දකුණු පළාත හා මොනරාගල දිස්ත්‍රික්කය දියුණු කිරීමට ‘‘රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව’’ස්ථාපිත කිරීම සඳහා නීති සකස් කරමින් පවතින බව කීඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බස්නාහිර දියුණු කළ ආකාරයට ඌව පළාත ද දියුණු කිරීම තම රජයේ අපේක්ෂාව බව සඳහන් කළා.

දසලක්ෂයකට ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව මොනරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පන්දහසකට ඉඩම් ඔප්පු පිරිනැමීම සඳහා අද (22) මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදීයි අගමැතිවරයා මේ බව සඳහන් කළේ.

මොනරාගල විහාරමුල්ල කැප්පෙටිපොල මාවත ජනතා අයිතියට පත් කිරීම, මොනරාගල දිස්ත්‍රික්කයේ අයිරෝඩ් ව්‍යාපෘතිය සංකේතවත් කරමින් නාමපුවරුව විවෘත කිරීම, හුලංදාව වටරවුම සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම, මොනරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම, ඉඩම් හිමිකම් ඔප්පු සහ සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය හා ක්‍රීඩා සමිති සියයක් සදහා ක්‍රීඩා උපකරණ බෙදාදීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරුණා.

Recommended For You

About the Author: Editor