මොන අභියෝග ආවත් 2015 ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා – මුජිබර් රහුමාන්

“ගම්පෙරළියෙන් ගම හැදෙයි ! ” ගම්පෙරළිය වැඩසටහන හරහා ගමේ සංවර්ධනයට මේ වසරේ ලබාදුන් මිලියන 300 මගින් කේෂ්ත්‍ර ගණනාවක, එම මුදල් ආයෝජනය වී, ගමේ යටිතල පහසුකම් දියුණුවෙන් දියුණුවට පත්වෙයි.”


‘‘පාස්කු ඉරිදා ප්‍ර‍හාරය තම වාසියට හරවා ගන්න ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම කුමන්ත්‍ර‍ණය කරමින් සිටිනවා” 


“විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡා හරියට ගල් යුගයේ සාකච්ඡා වගෙයි.”



“ඒ අතරේ විපක්ෂයේ සිටින ඇතැම් උදවිය එය අවුරුද්දක් සමරනවා වගේ, ඒ ගැන නිතර නිතර කථා කරමින්, ඒ ගැන වර්ණනා කරමින්, ප්‍ර‍හාරයෙන් මියගිය ජනතාවගේ මිණී මතින් ගමනක් යමින්, තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිවල නිරතවෙමින් ගමනක් යමින් සිටිනවා”


“2015 ජනාතාවට ලාබදුන් පොරොන්දු ඉටුකරමින් ඒ අනුව, දැනුම මත පදනම් වූ සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනයමින්, එකාබද්ධ විපක්ෂය හෝ කුමන බලවේග වලින් පීඩනයන් පැමිණියත්, මෙරට බහුතර ශ්‍රී ලංකික ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරමින් ඉදිරියට ගමන්කරනවා”

”2015 ජනාතාවට ලාබදුන් පොරොන්දු ඉටුකරමින් ඒ අනුව, දැනුම මත පදනම් වූ සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනයමින්, එකාබද්ධ විපක්ෂය හෝ කුමන බලවේග වලින් පීඩනයන් පැමිණියත්, මෙරට බහුතර ශ්‍රී ලංකික ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරමින් ඉදිරියට ගමන්කරනවා ”

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ පවසා හිටියේ ඊයේ (21) අග්‍රාමාත්‍ය කර්යාලයේ සංවර්ධන සන්නිවේදන එකකය මගින් අරලියගහ මන්දරයේ පැවත්වු මාධ්‍ය හමුවේදීය.

එහිදී තවදුරටත් අදහස් පළකරමින්, මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍ර‍හාරයෙන් පසු දිගින් දිගටම මාධ්‍ය සාකච්ඡා පවත්වමින්, “ජාතිවාදය, ආගම්වාදය මතුවන ප්‍ර‍කාශ සිදුකරමින්” එම කටයුත්තේ නිරතවීම සිටින බව අවධාරණය කර සිටියා. 

එම මාධ්‍ය හමුවේදී අතීතය මතක්කරමින් කියා සිටියේ, “2015 ජනවරි 8 මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග අංශ ගණනාවක, එනම් දේශපාලනික, නෛතිකම ප්‍ර‍තිසංස්කරණ රැසක් සිදුවූ බවත්, 19 වැනි සංශෝධනය මගින් එතෙක් ජනතාව පීඩාවට පත්කරමින් පැවති එකාධිපති ජනාධිපතිධුරයේ බලතල ඉවත්කරමින්, මෙරට ප්‍ර‍ජාතන්ත්‍ර‍දී රාමුවකට රට යොමු කළ බවත්, ඒ ඔස්සේ, කොමිෂන් සභා ඇති කරමින්, රාජ්‍ය සේවය, පොලිසිය සහ තවත් බොහෝ ක්ෂේත්‍ර‍ ගණනාවක් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පජාත්‍රාන්තික ව්‍යුහය නිර්මානය කළ බවත්, තොරතුරු පනත විවේචනය කළ පිරිස් එම පනතේ විධිවිධාන භාවිතා කරමින් මේ අණ්ඩුවටම ප්‍ර‍හාර එල්ලකරන බවත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීම හරහා ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමත්, ජාත්‍යන්තරව රටක් වශයෙන් කොන්වී සිටි වටපිටාව අවසන් කරමින්, ජාත්‍යන්තරව කීර්තියක් අත්කර ගැනීමට අවසථාවක් උදාවූ බවත්, ඒ යටත් ජාත්‍යන්තර බොහෝ රටවල් සමග එකගත්වයකින් කටයුතු කිරීමේ අවස්ථාවක් ලැබුණ බවත්, එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතන මගින් අපට විශාල වාසි සහගත් තත්ත්වයක් නිර්මාණය කරමින් ගමනක් පැමිණි බවත්, සදහන් කළා.

රටේ සංවර්ධන කටයුතු පිළිබදව අවධානය යොමු කිරීමේ දී, “මෙම කාලය තුළ සෑම කේෂ්ත්‍ර‍යකම යටිතල පහුසුකම් දියුණු කරන්න, සෞඛ්‍ය සේවය දියුණු කරන්න, ගම්වල පාරවල් ටික හදන්න, ආගමික සිද්දස්ථාන ඉදිකරන්න, විශාල මුදලක් රජය විසින් වෙන්කර ඇති බවත්, මේ සදහා මේ වසරේ “ගම්පෙරළිය” වැඩසටහන යටතේ එක මැතිවරණ කොට්ඨාශයකට මිලියන 300 වැය කිරීම හරහා ගමේ සංවර්ධනය කඩිනම් වු බවත්, ක්ෂේත්‍ර‍ ගණනාවක එම මුදල් ආයෝජනය වීම මගින් යටිතල පහසුකම් රැසක් දියුණු වී ඇති බව ප්‍ර‍කාශ කළා. 

ඊට අමතරව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හරහා නිවාස අමාත්‍යංශය මගින් “ගම්උදාව” වැඩසටහන හරහා රට පුරා නිවාස ඉදිකරන බවත්, පාඨලී චම්පික අමාත්‍යවරයා බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික ප්‍රදේශවල අඩුආදායම් ලාභී සහ පැල්පත්වල ජීවත්වන පිරිස්වලට නිවාස ව්‍යාපෘති ඉදිවෙමින් තිබෙන බවත් සදහන් කළා.

ඒ වගේම ප්‍ර‍ජාතන්ත්‍රවාදය සහතික කරමින්, නීතියේ අධිපත්‍ය තහවුරු කරමින් පැමිණි ගමන ඔක්තෝම්බර් 26 සිදුවුන දේශපාලන කුමන්ත්‍ර‍ණය මගින් ව්‍යවස්ථා විරෝධීව අවහිරකිරීමට කටයුතු කළත්, ජනතාවට පාරට බැහැලා යළි ආපස්සට හැරවීමට සමත් වූ බවත්, එම අභියෝග නීතිය මගින් ආපස්සට හරවමින් ඉදිරියට පැමිණි බවද සදහන් කළා. 

ඒ වගේම අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍ර‍ස්ත ප්‍ර‍හාරයත් සමග ආ මග යළිත් ආපස්සට හැරවීමක් සිදුවුණ බවත්, එම බෝම්බ ප්‍ර‍හාරය මහත් බලාපොරොත්තුවෙන් සිටි පිරිසකුත් සිටින බවත්, එම ප්‍ර‍රයත් සමග ඔවුන් ඉදිරියට පැමිණ ඇති බව දැක ගත හැකි බවත්, ඒ අතරේ විපක්ෂයේ සිටින ඇතැම් උදවිය එය අවුරුද්දක් සමරනවා වගේ, ඒ ගැන නිතර නිතර කථා කරමින්, ඒ ගැන වර්ණනා කරමින්, ප්‍ර‍හාරයෙන් මියගිය ජනතාවගේ මළ මිනී මතින් ගමනක් යමින්, තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිවල නිරතවෙමින් ගමනක් යමින් සිටින බවද සදහන් කළා.

මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ප්‍ර‍ධාන සංවර්ධන වැඩසටහන් වන “ගම්පෙරළිය, ළඟම පාසැල- හොඳම පාසැල වැඩසටහන, නිවාස ව්‍යාපෘති, ලක්ෂ 6 කට සමෘද්ධිය, තරණ උපාධිධාරීන්ට රැකියා ලබාදීම වැනි සංවර්ධන වැඩසටහන්වලට මුහුණ දීමට නොහැකිව, ජාතිවාදය වපුරමින් ඒ හරහා බලයට එමේ ව්‍යාපෘතිය ඒකාබද්ධ විපක්ෂයෙ ඇතැම් පිරිස් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත්, එම දේශපාලන නායකයින් ජනතාව අතර සැකය වෛරය පතුරමින්, ජාතිවාදය එකම සටන් පාඨය කරගනිම්න් විවිධ මාතෘකා ඔස්සේ බිල්ලන් මවමින් කටයුතු කරන බව සදහන් කළා.

පසුගිය කාලය තුළ උතුරේ වර්ධනය වූ ආවා කල්ලිය හරහා නැවත එල්ටිටිඊ සංවිධානය නැගී සිට ඇතැයි පවසමින් ආණ්ඩුවට විවිධ චෝදනා නැගු බවත්, දැන් මෙම පාස්කු ප්‍ර‍හාරයත් සමග මුස්ලිම් ජනතාවට සහ සිංහල ජනතාවට අතර වෛරය සහ අවිශ්වාසය පතුරවමින් ඉතාම ගෝත්‍රික ආකාරයට කටයුතු කරමින් ඡන්ද එකතුකරමින් සිටින බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුවක් වශයෙන් අභියෝග රැසක් පවතින බවත් සදහන් කළා. 

ඇති වී ඇති ත්‍ර‍ස්තවාදී උවදුර මර්දනය කිරීම ගැන ආරක්ෂක අංශවලට ස්තුතිය හිමිවිය යතු බවත්, ත්‍ර‍ස්තවාදී කටයුතුවලට සම්බන්ධ වුණ පිරිස් එක්කෝ මරණයට පත්වී නැත්නම් අත් අඩංගුවට පත්වී ඇති බවත්, තත්ත්වය ක්‍ර‍මයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව ආරක්ෂක අංශවල ප්‍ර‍ධානීන් ප්‍ර‍කාශකර ඇති බවත්, ඒ ඔස්සේ නැවත රට සාමකාමී වෙමින් සිටින බවත් සදහන් කළා.

ඒ යටතේ, ආණ්ඩුව විවිධ වැඩසටහන් හරහා රට තුළ ජනතාවට යහපත් පරිසරයක් ගොඩ නගමින් තිබෙන බවත්, ඒ අතරේ පසුගිය දවස්වල විපක්ෂයේ අය පාසැල් අරින්න කියලා ලොකු ඉල්ලීමක් ඉදිරිපත් කළබවත්, පාසැල් යළි විවෘත කළ පසු, ආරක්ෂාව නැහැ කියලා යළි ජනතාව අතර යළි බියක් ඇති කරලා දරුවන්ගේ පාසැල් ගමන නතර කිරීමට උත්සාහ ගැනීම ඊට කදිම උදාහරණයක් බවත්, නමුත් රජය විසින් ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ කර ඇති බවත්, නමුත් මෙම තත්ත්වයන් පරාජය කිරීමට විපක්ෂය වරින් වර විවිධ සටන් පාඨ ඉදිරිපත් කරන බවත්, ඒ සදහා ඒකාබද්ධ විපක්ෂ එදිනෙදා පවත්වන මාධ්‍ය සාකච්ඡා හරහා එම සටන්පාඨ ඉදිරිපත් කරන බවත්, ඒ තුළින් ජනතාව තුළ නැවත වෛරය, අවිශ්වාසය ව්‍යාප්ත කිරීමේ උත්සාහයක නිරත වී ඇති බව පෙන්වා දෙමින් අදහස් පළ කළා.

එම මාධ්‍ය සාකච්ඡාවල පළකරන ඇතැම් අදහස් “මීට වසර 1000 කට පමණ පෙර ගෝතික සමාජවල ගල් යුගවල සමාන තත්ත්වයක් ඔවුන් ප්‍ර‍කාශ කරන බවත්, ලෝකය සහ මිනිස්සු තාක්ෂණය අතින් ඉදිරියට පැමිණි, 21 වැනි ශතවර්ෂය තුළ, ලොකයේ රටවල් අපව පසුකරගෙන ඉදිරියට යන අවස්ථාවක, ඊට සරිලන කිසිදු මාධ්‍ය සාකච්ඡාවක් හෝ වැඩසටහනක් විපක්ෂ කණ්ඩායම්වලට නොමැති බවත්, ඔවුන්ගේ සියළු මාධ්‍ය සාකච්ඡා ආගම්වාදයට සහ ජාතිවාදයට ලඝු වී ඇති බවත් ඒවායේ උත්සාහය තනිකරම ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීම බවට පත්වී අති බව අවධාරණය කළා. 

මේ මොන අභියෝග පැමිණිනුණත්, රටක් වශයෙන් 2015 ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත්, මෙම ප්‍ර‍හාරය ජාත්‍යන්තර ත්‍ර‍ස්තවාදී සංවිධානයක වුවමනාවකට සිදුවූ දෙයක් බවත්, එය මර්ධනය කිරීමට අවශ්‍ය නෛතික රාමුව සහ වැඩපිළිවෙළ රජය සතු බවත්, ඒ සදහා ආරක්ෂක අංශද ක්‍රියාත්මක වී සිටින බවත්, සියළු බාධා මැඩලමින් ඉදිරියට යාමට අවශ්‍ය වැඩපිළිවෙල රජය විසින් සකස් කර තිබෙන බවත්, ඔක්තෝබර් 26 න් පසු නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපති වෙත පවරා ගැනීම හරහා මෙම ආරක්ෂක වැඩපිළිවෙලවල්වලට යම් යමි බාධා ඇති වන බවත්, ඒ කෙසේ වෙතත් තත්ත්වය යථාවත් කරමින් ඉදිරියට යන බවත්, 2015 ජනාතාවට ලාබදුන් පොරොන්දු ඉටුකරමින් ඒ අනුව, දැනුම මත පදනම් වූ සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනයමින්, එකාබද්ධ විපක්ෂය හෝ කුමන බලවේග පීඩනයන් පැමිණියත්, මෙරට බහුතර ශ්‍රී ලංකික ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරමින් ඉදිරියට ගමන්කරන බවත්, අවසාන වශයෙන් ප්‍ර‍කාශ කළා.

Recommended For You

About the Author: Editor