ඉන්ද්‍රාණී සේනාරත්න දැයෙන් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභවප්‍රාප්ත වුවාය. ඇය මිය යන විට 83 වියේ පසුවුවාය.

සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු දිවංගත සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වු ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් මවකි.

කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ සරස්වතී මණ්ඩපය තුළින් ‘‘ඉන්ද්‍රාණි විජේබණ්ඩාර’ නමින් ළමා ගායිකාවක් ලෙස සංගීත කේෂ්ත්‍රයට පිවිසි ඇය දශක හයකට ආසන්න කාලයක් සිය මයුර හඬින් සංගීත රසිකයන් පිනවුවාය.

ඉන්ද්‍රාණි සේනරත්න මහත්මිය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් ද වූවාය. ඇය ගායනා කළ ප‍්‍රකට අතර රතුපාට මල්, වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි ධම්මි තවමත් ආදරෙයි, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, සුදු සඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, ඈත අහසේ යන ගීත වේ.

ඇය රේඛාව, ප්‍රවේශම්වන්න, හඳපාන, සෙනහස, සුදු සදේ කළුවලා, ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයට එක්වූවාය.

ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (27) දින සිදුකිරීමට නියමිතය

Recommended For You

About the Author: Editor