
ලංකාවේ නම් දුම්රිය ප්‍රමාද වීමක් ප්‍රවෘත්තියක් වෙන්නේ නැහැ. හරිනම් ප්‍රවෘත්තියක් විය යුත්තේ නියමිත වේලාවට දුම්රිය ධාවනය වීමක් සිදු වුණොත් තමයි. ඒත් ලංකාවේ දුම්රිය හැමදාම පුවත් මවන නිසා දුම්රිය ප්‍රමාදයන් ගැන නම් කිසිදා ප්රවෘත්ති වාර්තා වෙන එකක් නැහැ.
ලංකාවේ එහෙම වුණාට ජපානයේ නම් එහෙම නැහැ. තිතට වැඩ කිරීම ගැන කප්ගසා සිටින ජපානයේ දුම්රිය ප්‍රමාදයක් කියන්නේ ජාත්‍යන්තර ප්‍රවෘත්තියක්.
අද (23) ජපානයෙන් කාලයකට පසු දුම්රිය ප්‍රමාදයන් ගැන ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් නිර්මාණය වුණා.
වාර්තා වන ආකාරයට විදුලිබල පද්ධතියේ සිදු වූ හදිසි බිඳ වැටීමක් නිසා අද ජපානයේ දුම්රිය ගමන් වාර 26ක ප්‍රමාදයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මඟීන් 12,000ක් පමණ දුම්රිය ස්ථානවල රැඳීසිටින බවයි ජපන් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.