දකුණු අප‍්‍රිකාව කලින්ම ගෙදර යයි

ක‍්‍රිකට් ලෝකයේ අවාසනාවන්තම කණ්ඩායම ලෙස දකුණු අප‍්‍රිකාව සැලකෙනවා. කොතරම් දක්ෂ, සුපිරි පිතිකරුවන්, පන්දු යවන්නන් සිටියත් මේ දක්වා දකුණු අප‍්‍රිකාවට ක‍්‍රිකට් ලෝක කුසලානය අසලටවත් ඒමට නොහැකිව තිබෙනවා.

දකුණු අප‍්‍රිකාව නැවත වරක් මේ මහා අවාසනාවන්ත තත්ත්වයට ඊයේ මුහුණ දුන්නා. ඒ පාකිස්ථානය සමග පැවැති තරගයෙන් පරාජයට පත්වීම සමග. ඒ සමග තවත් තරග දෙකක් තිබියදීත් දකුණු අප‍්‍රිකානුවන්ට තරගාවලියෙන් ම සමුගැනීමට සිදුවෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස ඊයේ (23) ලන්ඩන් නුවර ලෝඞ්ස් පිටියේ දී පැවැති පාකිස්ථාන – දකුණු අප‍්‍රිකා තරගයෙන් ලකුණු 48ක පහසු ජයක් ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුළු 07කට ලකුණු 308ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළදී ලබාගත හැකි වුණේ කඩුළු 09කට ලකුණු 259ක් පමණයි.

ඊයේ පාකිස්ථානය හමුවේ ලැබූ පරාජයත් සමග දකුණු අප්‍රිකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබියදී වේලාසනින්ම තරගාවලියේ ඉවත් වීමට ද සිදු වෙනවා. මේ තරගයෙන් පසු දකුණු අප්‍රිකාවටල ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සමගින් තරග 2ක් ඉතිරිව තිබේනවා.

Recommended For You

About the Author: Editor