ඇමෙරිකාව ශ‍්‍රී ලංකාවේ සංචාරක අවදානම 03 සිට 02 දක්වා පහත දමයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විසින් නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට එරට රාජ්‍ය දේපාර්තමේන්තුව ඊයේ (24) පියවර ගත්තේය.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සංචාරක අවදානම සංචාරක උපදේශන මට්ටමේ අංක 3 සිට අංක 2 දක්වා පහත හෙළා තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තව දුරටත් අවධානම් බවට ඇමෙරිකාව සඳහන් කර තිබේ. ඒ අනුව සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, රාජ්‍ය පහසුකම්, හෝටල්, සමාජශාලා, ලැගුම්හල්, ආගමික ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, ආගමික ආයතන, ගුවන්තොටුපොළ හා රෝහල් වලට ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් ඇමෙරිකාව වැඩි දුරටත් ශ‍්‍රී ලංකා සංචාරය කරන තම පුරවැසියන්ට දැනුම්දී තිබේ.

Recommended For You

About the Author: Editor