ට‍්‍රම්ප් අතිරේක ඉරනායට සම්බාධක පනවයි

ඉරානය විසින් ඇමෙරිකානු ඩ්‍රෝන යානයකට වෙඩි තබා බිම හෙළීම සමග යළි උත්සන්න වූ ඇමෙරිකානු – ඉරන ගැටුම තව දුරටත් තීව‍්‍රර කරමින් ඉරානයට එරෙහිව අතිරේක සම්බාධක පැනවීමට අදාළ නියෝගවලට ඇමෙරිකානු ජනපතිවරයා ඊයේ (24) අත්සන් තබා තිබෙනවා.

තම තීරණය සම්බන්ධයෙන් ඊයේ ඇමෙරිකා ජනාධිපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ඇමෙරිකා නියමුවන් රහිත ගුවන් යානයකට ඉරානය වෙඩි තබා බිම හෙළීම හේතුවෙන් මෙසේ නව අතිරේක සම්බාධක පැනවීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ නව පියවර ඉරානයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනවීම මගින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා අවසන් වනු ඇති බවට ඉරානය අනතුරු අඟවන්නේ. ඇමෙරිකා සම්බාධක මගින් දෙරට අතර සාමය හා ආරක්ෂාවට බරපතල ලෙස හානි සිදුවන බව පෙන්වා දෙන ඉරානය මෙම සම්බාධක ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඉලක්ක කරගනිමින් පැනවූ බවටද චෝදනා කරනවා.

Recommended For You

About the Author: Editor