යුද්ධ හමුදාපති පාස්කු ඉරිදා කාරක සභාවට කැඳවීමෙන් යළි අර්බුදයක් ?

පාස්කු ඉරිදා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හෙට දිනයේ (26) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සහ හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක කැඳවා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ කාරක සභාවේ සභාපතිල නියෝජ්‍ය කථානායක ජේගඑම්ග ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ හෙට දිනයේ කැඳවන පුද්ගලයින් කවුරුන් ද යන්න ගැන අද දින අවසන් තීරණයක් ගන්නා බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරිම් කාරක සභාව හමුවට ගෙන්වීම සම්බන්ධයෙන් කාරක සභිකයින් අතර සාකච්ඡුාවක් පමණක් පැවැති බව කී කාරක සභා සභාපතිවරයා ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද සඳහන් කළේය. පාස්කු ප්‍රහාරයට අදාළව යුද හමුදාපතිවරයාගෙන් යම් යම් කරුණු දැනගැනීමට තිබෙන බවත් ඒ අනුව ඔහු කැඳවීමට නියමිත බවත් නියෝජ්‍ය කථානායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර පාස්කු ඉරිදා කාරක සභාවට යුද හමුදාපතිවරයා කැඳවීම පිළිබඳව දේශපාලන අංශවල අවධානය යොමු වී ඇත. ඒ සක්‍රීය සේවයේ යෙදි සිටින කිසිදු නිලධාරියෙකු තේරිම් කාරක සභාවට නොයවන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදුකර ඇති නිසාය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියාව ධුරයෙන් ඉවත් කිරීමට ද කාරක සභාව හමුවට යාම හේතු වූ බවයි.

Recommended For You

About the Author: Editor