ෂාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන්ව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි සහ ප‍්‍රසවවේද වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

තමන් අයථා ලෙස දේපළ උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන ත‍්‍රස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසියේ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ප, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ⁣ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

ආබ්දීන් ඇසෝසියේටඩ් නීතීඥ සමාගමේ උපදෙස්මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා සමග හිජාස් හිස්බුල්ලා, හෆීස් ෆාරීස්, ෂිෆාන් මහරුෆ්, එන්.ජෙගදීෂ්වරන් යන නීතීඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

Recommended For You

About the Author: Editor