පාස්කු ඉරිදා කාරක සභාව තනිකරම දේශපාලන නාටකයක් : මාව ගෙන්වන්නත් බෑ, යන්නෙත් නෑ – ජනපති

පාස්කු ඉරිදා තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා ලෙස තමා ගෙන්වීමේ හැකියාවක් නැතැයි ද එසේ තිබියදී තමා කාරක සභාව හමුවට කැඳවන බව කවුරුන් හෝ කියන්නේ නම් එය විහිළුවක් බවද ජනපතිවරයා කියයි.

තමා තේරීම් කාරක සභාව හමුවට කැඳවන බවට පැතිර ගිය ආරංචිය කවුරුන් හෝ මාධ්‍යයට දුන් වැරදි තොරතුරක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේ අද (26) උදේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදීය.

එහිදී මේ පාස්කු ඉරිදා කාරක සභාව සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තනිකරම දේශපාලන නාට්‍යයක් බව කී ජනපතිවරයා කලින් දින පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පුහුණුවීම් සිදු කර පසුදා පාර්ලිමේන්තුවේදී එය රඟ දක්වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor