මාස 06ක් තුළ ISIS ත‍්‍රස්තයින් බවට සැක 150ක් ඉන්දීය අත්අඩංගුවේ

මේ වසරේ ගත වූ මාස 06 ක කාල සීමාව තුළ ISIS සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජී කිෂන් රෙඩ්ඩි මහතා ඊයේ (25) ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය කියයි.

ඉරාකය සහ සිරියාව තුළ තවදුරටත් ISIS සංවිධානය සමඟ පුහුණුවීම් කටයුතු සිදුකරන ඉන්දීය ජාතිකයින් සිටින බවට ද ඔහු සඳහන් කර ඇත.

ඉන්දීය පාර්ලිමේන්තුව වෙත ලිඛිත ප්‍රකාශයක් යොමු කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වූ ඇතැම් ප්‍රාන්තවල පුද්ගලයන් පිළිබඳව මධ්‍යම බුද්ධි ඒජන්සිය අවධානයෙන් පසුවන බවයි.

ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් හා ඊට අනුබල දුන් පිරිස්වලට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය හා පොලීසිය විසින් ගෙන ඇති බව ද ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජී කිෂන් රෙඩ්ඩි ලෝක් සභාව වෙත යැවූ ලිඛිත නිවේදනයේ සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor