මුළු රටම බලාසිටි රිෂාඞ්ගේ සාක්ෂිය අද ගන්න බැරි වෙයි: කමිටු සාමාජිකයින්ට වෙන වැදගත් රැස්වීමක් තිබිලා

පාස්කු ඉරිදා කාරක සභාවේ සාමාජිකයින් තිදෙනකු නොසිටීමත්, රැඳී සිටි කාරක සභිකයින්ට වෙනත් වැදගත් රැස්වීමක් තිබීමත් නිසා අද පස්වරු 4.55ට පාස්කු ඉරිදා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබූ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට ආපහු හැරී යාමට සිදු වුණා.

රිෂාඞ් බදුර්දීන් හිටපු ඇමැතිවරයා අද (26) පාස්කු ඉරිදා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනාගත් පුවතක් වූ අතර ජනමාධ්‍ය විසින් ඒ සඳහා දැඩි අවධානයක් ද යොමු කර තිබුණේය.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට අයත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සාක්කි ලබා ගැනීමෙන් පසු පස්වරු 4.55ට හිටපු ඇමැතිවරයා කාරක සභාව හමුවට කැඳවනු ලැබීය. එහෙත් ඒ වන විට කාරක සභිකයින් තිදෙනෙක් පිටත්ව ගොස් සිටි අතර ඉතිරිව සිටි කාරක සභිකයින් ද වෙනත් රැුස්වීමක් සඳහා පිටත්ව යාමට සූදානම් වන ආකාරයක් දැකිය හැකි විය.

ඒ අනුව නියමිත වේලාවට, දැඩිසේ සූදානම්ව පැමිණි බදුර්දීන් මහාතට කාරක සභිකයින්ගෙන් අපූරු නියෝගයක් ලැබුණේය.

අපිට ඔබෙන් ප්‍රශ්න අහන්න වැඩිපුර වෙලාව අවශ්‍යයි. ඒත් අපට තවත් වැදගත් රැස්වීමක් තිබෙනවා. අපි ඒ සඳහාත් යා යුතුයි. ඒ වගේම කාරක සභාවේ සාමාජිකයන් තිදෙනකු නැහැ. ඒ නිසා 28 වෙනිදා ඔබව යළි කැඳවනවා’’ යැයි කාරක සභාව හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට දැනුම් දුන්නේය.

ඒ සමග මුළු රටක් බලාසිටි වැදගත් පුවතක් තවත් දින දෙකකට කල් ගියේය.

Recommended For You

About the Author: Editor