ශ‍්‍රීලනිපය ගන්නා තීන්දුව අනුව ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබඳ සලකා බලනවා – ජනපති

විදේශ සංචාර ගැන මාධ්‍ය කියන කතා අසත්‍යයි / ගිවිසුමට කිසිම එකඟත්වයක් නැහැ / වාරය පර්යන්ත ගිවිසුමට රටට අහිතකරයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගන්නා තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබදව තමා තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. වසර 52ක තම දේශපාලන ජීවිතයේ විවිධ සංධිස්ථාන මෙන්ම හැරවුම් ලක්ෂ තිබූ බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය ද තමාට එවන් දේශපාලන අත්දැකීමක් බව කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති හමුවේ දී ය.

තම විදේශ සංචාර පිළිබද මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප‍්‍රචාර පිළිබදව ද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ තමා එම සියලූ විදේශ සංචාර සදහා සහභාගී වී ඇත්තේ එම රජයන්ගෙන් ලැබුණු නිල ආරාධනා අනුව, බවයි. ඇතැම් මාධ්‍යවල සඳහන් කරන පරිදි විශාල නියෝජිත පිරිසක් එම සංචාරවලට සහභාගි කර නොගත් අතර දස දෙනෙකුට නොවැඩි වූ එම පිරිස සමග අදාළ නිල සංචාරවල නිරතවූයේ මාතෘභූමිය වෙනුවෙන් ප‍්‍රතිලාභ රැුසක් උදාකර ගැනීම වෙනුවෙන් බව ද කියා සිටියේය.

ඇමරිකාව සමග අත්සන් තැබීමට නියමිත ගිවිසුම් පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ එම ගිවිසුම් පිළිබද තමාගේ කිසිදු එකගතාවයක් නොමැති අතර ඒ පිළිබද තමා පාර්ලිමේන්තුවේදී ද පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙන බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ඉන්දියාව සහ ජපානය සමග අතිකරගෙන තිබෙන එකඟතාවය පිළිබදව අදහස් දැක්වූ ජනපති කියා සිටියේ තමා ඊට විරුද්ධ වූයේ එහි ශ‍්‍රී ලංකාවට අහිිතකර තත්ත්වය තිබූ නිසා වන අතර, එම සියලූ අහිතකර කරුණු සංශෝධනය කර ගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවට වැඩි ප‍්‍රතිලාභයක් උදාවන පරිදි අදාළ තීන්දු තීරණවලට එළැඹීමට කටයුතු කළ බවත්ය.

Recommended For You

About the Author: Editor