62 ලක්ෂයේ හීනමානය පාර්ලිමේන්තුව පිටින් යනවා – සී.බී. රත්නායක

වෙනම රාජ්‍යයන් ගැන කතා කරපු දැන් ආගම්වාදය ඇති කරන්න උත්සාහවා
අස්ගිරි මහ නාහිමි ගැන පාක්‍යසෝති කළ ප‍්‍රකාශය දැඩිව හෙළා දකිනවා
අපි 19ට ඡුන්දය දුන්නේ ජනපති 20 දෙනවා කියලා පොරොන්දු වුණ නිසා

62 ලක්ෂයක් ඡන්දය දුන් උදවියට හීනමානයක් තියෙන නිසා දැන් ඒක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පිටින් යවනවා’යැයි පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක මහතා පැවසීය.

රත්නායක මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡවකදීය. රත්නායක මහතා මෙසේ ද සඳහන් කළේය.

මේ රටේ අද දෛනික ව විවිධ ප‍්‍රකාශ නිකුත් වෙනවා. මේ වෙලාවේ සුන්දර වචන රටට අසුන්දර කියමන් ප‍්‍රකාශයට පත් වෙනවා. දෙමළ ඩයස්පෝරාවේ මග මගපෙන්වීම මත රාජ්‍ය නොවන සංවිධානව රට අරාජික කරන්න, මේ රටේ ප‍්‍රශ්න වැඩි කරන්න හදනවා. වෙනම රාජ්‍යයන් ගැන කතා කරපු අය දැන් ආගම්වාදය ඇති කරන්න උත්සාහවා.

අද පුවත් පතක පාක්‍යසෝති සරවනමුත්තු ප‍්‍රකාශයක් කරලා තිබුණා අස්ගිරිය මහා නායක ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගත යුතු බවට. ඔහු මුලින් බලන්න ඕනේ ඔහුගේ ආචාර්ය පදවිය ගත්තේ කොහොමද කියලා. ඒ ආචාර්ය පදවිය ඉස්සරහට දමාගෙන රටක් අරාජික කරන්න සූදානම් වෙන අතරතුර ආගමික නායකයින් හැටියට අපේ උත්තරීතර සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ස්වාමීන් වහන්සේට ඇඟිල්ල දික් කරන්න කරන්න තරම් කතා කරන්න පුළුවන් බලයක් ඔහුට ආවේ කොහොමද ? කවුරු නිසා ද කියන එක ප‍්‍රශ්නයක්.

රටක ජාතික ආරක්ෂාව පිළිබඳ තහවුරු කරන්න බැරි රාජ්‍යයක් තුළ ඔවුන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා අනිත් ජාතීන්ගේ ඡුන්ද ටික ඩැහැ ගන්න ඕනකම නිසාම ඒ අය මුනිවත රකිනවා. මේ වගේ වෙලාවල්වල අමනෝඥයො විවිධ ප‍්‍රකාශ නිකුත් කරන්න සූදානම් වෙනවා.

නමුත් අපි පැහැදිලිව ප‍්‍රකාශ කරන්න ඕන අස්ගිරිය මහා නායක හිමිපාණන්ට කරපු ප‍්‍රකාශය ඉතා ඉක්මනින් අයින් කරගන්න සූදානම් වෙන්න කියලා. එසේ නොවෙන්නේ නම් දිගින් දිගටම වැරදි ආකාර ප‍්‍රකාශ නිකුත් කරන්න සූදානම් වෙන්නේ නම්, රට එක පෙළට පෙළ ගස්සන්න අපි සූදානම්. අපි මොන හිරගෙවල්වල දැම්මත් මොන චෝදනා අපිට කරත් මේක අපි ප‍්‍රකාශ කරන්න අවශ්‍යමයි.

ලෝක පූජිත ආගමික නායකයෙක් විදිහට කාදිනල් උන්වහන්සේ මේ විදියට බෞද්ධ දර්ශනය ගැන කතා කරන කොට කොහෙවත් නැති කුලියට ආචාර්ය පදවි ගත්ත උදවිය රට අරාජික කරන්න කටයුතු කරනවා. එදා ඉඳලම ධනේශ්වර පන්තියේ මුදල් වලට කෑගහන අය මේ ආකාරයෙන් ක‍්‍රියාත්මක වීම පිළිිබදව අපි කනගාටුවට පත් වෙනවා.

සුළු ජාතීන් වන කතෝලික ආගම අදහන ඉස්ලාම් ආගම අදහන හින්දු ආගම අදහන මගේ සහෝදර මිත‍්‍රවරුන් අසාධාරණයක් කරනවා කියලා ඒකෙන් ගම්‍ය වෙන්නේ නැහැ. මේ කාරණය අපි තරයේ හෙළා දකිනවා. මේක වහාම ඉල්ලා අස්කර ගත යුතුයි.මේ රටේ ජීවත්වන මිනිසුන් හැටියට මේ රටේ සමස්ත ජනතාවගෙන් කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම තරුණ තරුණයින්ගෙන් කාරුණිකව ඉල්ලනවා මේ අයට පාඩමක් උගන්නන්න අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට එක්වෙන්න කියලා. මේ කාරණයේ දී විවිධාකාර ක‍්‍රියාකාරකම් විවිධාකාර කතා කියන්න සූදානම් කරලා තියෙනවා.

මේ වෙලාවෙදි ජාතිවාදය ආගම්වාදය ඉස්මතු කරගනිමින් මේ රටේ බලය තහවුරු කරගැනීමට ක‍්‍රියාත්මක කරගෙන යනවා. එදා මේ රජය පත්වුණාට පස්සේ 18 වෙනි සංශෝධනය කරලා 19වැනි සංශෝධනය පටන් ගන්න සූදානම් වුණා. 19වැනි සංශෝධනය පටන් ගන්න සූදානම් වුණේ ඒ වෙලාවෙ යහපාලනයත් එක්ක දීඝ කාපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ඔවුන්ගේ කාර්යභාරය ඉටු කර ගැනීම සඳහායි. මෙයට අපිත් අත ඉස්සුවා. එහෙම කළේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට 20වෙනි සංශෝධනය ඊළඟ සතිය තුළ ම ගේනවා කියලා පොරොන්දු වූ නිසයි.

ඔහු ඒ වෙලේ කිව්වා 20 සංශෝධනය කරන්න දෙන්න නම් 19 සංශෝධනය කරන්න අවස්ථාව දෙන්න කියලා. දැන් එක එක කතා කියනවා ජයම්පති වික‍්‍රමරත්නගේ ලණුව කෑවා. ජනාධිපති දැන් විවිධාකාර කතා කියනවා. පක්ෂවල මහලේකම්වරු ඇතුළු බොහෝ පිරිස අද ඒ ගැන කතා කරනවා. නමුත් ඒ අයට අමතක වෙලා තියෙනවා රටේ ජනාධිපති තමයි කණ්ඩායම් රැුස්වීම ගෙනල්ලා අපිට කිව්වේ 20 වෙනි සංශෝධනය ගේනවා කියලා. 19 දහනමවැනි සංශෝධනයට කැමැත්ත දෙන්න කියලා. අද වෙනකම් ඒ 20 වෙනි සංශෝධනය ගෙනාවේ නෑ.
මේ විගඩම් නිසා විවිධාකාර විදිහට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 ගැනම චෝදනා සහ මතවාදයන් රට තුළ ඇති කරමින් යනවා.

62 ලක්ෂයක් ඡන්දය දුන් උදවියට හීනමානයක් තියෙන නිසා දැන් ඒක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පිටින් යවනවා. පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යවන්න ඕනේ කියනවා. පාර්ලිමේන්තුවකට බුද්ධිමතුන් යවන්න අවශ්‍යයි.

Recommended For You

About the Author: Editor