අපරාජිත ඉන්දියාව සමග කෝලිත් වාර්තා පොතට යයි

මේ වන විට (27) බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග පැවැත්වෙමින් තිබෙන ලෝක කුසලාන තරගයේදී චිරාත් කෝලි විසින් වාර්තා කළ ලකුණු 72ක් සමග කෝලි ජාත්‍යන්තර පිටියේ වේගයෙන්ම ලකුණු 20,000 රැස්කළ (ටෙස්ට්/එක්දින හා විස්සයි20) ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වුණා.

මෙම ලෝක වාර්තාව සඳහා කෝලි අවශ්‍ය වූයේ ඉනිම 417ක් පමණයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කී ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් හා කොදෙව්හි බ්‍රයන් ලාරා එම දක්ෂතාව දක්වා තිබුණේ ඉනිම 453ක් ක‍්‍රීඩා කරමිනුයි.

මේ අතර දැන් පැවැත්වෙමින් තිබෙන තරගයේදී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 7කට ලකුණු 267ක් වාර්තා කළා.

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින බටහිර ඉන්දිය කොදෙව් පිළ පන්දුවාර 26කදී කඩුළු 05කට ලකුණු 107ක් වාර්තා කර තිබෙනවා. තරගයේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් වන මත විමසීම්වලදී සඳහන් වන්නේ 99/1ක් ලෙස ඉන්දියාව මෙම තරගය ජයග‍්‍රහණය කරනු ඇති බවයි.

මෙම තරගය ඉන්දියාව විසින් ජයග‍්‍රහණය කළහොත් ඔවුන් මෙම ලෝක කුසලානයේ මේ දක්වා එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙනවා.

Recommended For You

About the Author: Editor