ජනතා මුදල් කොල්ලකන පචපතිලත් එල්ලන්න ඕනෑ – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ

රටේ තරුණ පරපුර වළපල්ලට යවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොව ජනතාව මුලාකරමින් බලයට පැමිණ මහ බැංකුව කොල්ල කෑමට දායක වු පුද්ගලයින් සහ ජනතාවගේ බෙහෙත් පෙත්තෙන් පවා ගසා කන පචපතිලාද එල්ලා මැරීමට පියවර ගත යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (27) බත්තරමුල්ල නෙලූම් මාවතේ පැවැති මාධ්‍ය හමුවකදී කලූතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියල් නිශාන්ත මහතා මේ බව පැවසීය.

විශේෂයෙන්ම මේ රටේ ගැබිනි මවුවරුන් සදහා ලබා දෙන ෆෝලික් ඇසිඞ් පෙත්තෙන් පවා ගසා කන රාජිත සේනාරත්න වැනි ඇමැතිවරු අනාගත පරපුරට දොස්තර සාෆිටත් වඩා බරපතල තර්ජනයක්ව ඇති බවද හෙතෙම පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තරුණ පරපුර පමණක් ඉලක්ක කළද ඖෂධ ජාවාරම්කරුවන් සමස්ත ජනතාවම අගාධයකට තල්ලූ කරමින් සිටින බව ඒ මහතා මෙහිදි අවධාරණය කළේය. අද දිනයේ තම ප‍්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට පස්කන්දක් කඩා වැටී පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ජිවිත අහිමි වී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක් වූ රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජානක වක්කුඹුර මහතා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ එවන් වාතාවරණයක් තිබියදිත් තම දේශපාලන ගමන වෙනුවෙන් ළමුන්ගේ ජිවිත බිල්ලට දී පාසල් පෙළපොත් වලට තම ජායාරූපය ඇතුළත් කිරීම සදහා කෝටි 16ක මුදලක් අවභාවිත කළ ඇමැතිවරුන් සිටින රටක ජිවත්වීමට සිදුවිමද අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම රාජ්‍ය දේපළ මංකොල්ල කෑම තම වෘත්තීය කරගත් වත්මන් රජය ජනතාවගේ ඇස්වසා රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවත් එහි පළමු පියවර ලෙස මහජන බැංකුව විකිණීමට සූදානම් වෙන බවත් මෙම මාධ්‍ය හමුවට එක් වූ කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් මහතා පැවසීය.

අස්ගිරි මහ නාහිමියන්ට අවලාද නගමින්, මහ නාහිමියන් ඉල්ලක කොට තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත්, එය මෙරට බුද්ධ ශාසනය විනාශ කරමින් සංඝභේදයක් ඇති කිරීමට රාජ්‍ය නොවන සංවිධාන දරන උත්සාහයට රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීමක් බව ද මෙම මාධ්‍ය හමුවේදී විශේෂයෙන් අවධාරණය කෙරිනි.

Recommended For You

About the Author: Editor