මරණ දඬුවම ශිෂ්ට රටකට ගැළපෙන්නේ නෑ – මංගල

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා පෞද්ගලිකවත් ආණ්ඩුවක් ලෙසත් විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි. මරණ දඬුවම ශිෂ්ටසම්පන්න රටකට නොගැළපෙන බව ද ඇමති මංගල කීවේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ අද (27) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘‘මරණ දඬුවම ශිෂ්ඨ සම්පන්න රටකට ගැළපෙන්නේ නැහැ. මගේ පියා මහානාම සමරවීර මහතා එදා අධිකරණ ඇමැතිධූරය දරන කාලයේදී මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කළ යුතුයි කියලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව තමයි පසුව සම්මත වුණේ. මම පුද්ගලිකවත් ආණ්ඩුවක් ලෙසත් මෙයට විරුද්ධයි’’

Recommended For You

About the Author: Editor