මැදපෙළ අවාසනාව යළිත් : ශ‍්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්වෙයි

ශ‍්‍රී ලංකා කණ්ඩාමේ උපන් ගෙයි දෝෂයක් බදු මැදපෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථකත්වය යළිත් සනාථ කරමින් මහත් බලාපොරොත්තු තබා සිටි ශ‍්‍ර‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරගයෙන් කඩුළු 09ක දැවැන්ත පරාජයක් භුක්ති විඳීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ සමග මහත් බලාපොරොත්තු තබා සිටි අවසන් පූර්ව වටයට යාමේ බලාපොරොත්තුව ද සුනුවිසුණු වුණා.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ප‍්‍රථමයෙන්ම පන්දුවරට පහරදීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ ලකුණු නොලබාම දැවී ගිය අතර නියමිත පන්දුවාර 50 අවසන් වීමට පෙර, 49.3කදී ලකුණු 203කට ශ‍්‍රී ලංකා පිළ දැවී ගියා.

ලකුණු 204ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දු වාර 37.2 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206ක් ලබා ගෙන කඩුළු 09කින් තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළා.

Recommended For You

About the Author: Editor