ICC CUP එක උස්සන්න ශ‍්‍රී ලංකාවට තවත් අවස්ථා ඇත්තෙම නැද්ද ? ඔව්, කිහිපයක්ම තිබෙනවා

‘‘ශ‍්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයිද ?’’ කියලා දැන් නම් අවංකවම හිතාගන්න බැරි තත්ත්වයකුයි තියෙන්නේ.

අනෙක් අතට පසුගිය තරග 7/6කම (ජයග‍්‍රහණය කළත්එංගලන්තය සමග පවා) ක‍්‍රීඩා කළ අතිෂය දුර්වල, අදක්ෂ සහ වගකීම් විරහිතභාවය ගැන හිතන කොට ‘හුදු වාසනාව’’ හෝ ‘‘අහඹු සිදුවීමක්’’ නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවොත් එය බංග්ලාදේශය පමණක් නොවෙයි අපූරු සටන්කාමීන්ගෙන් සපිරි නවක ඇෆ්ගනිස්ථානයට පවා කරන අසාධාරණයක් බවයි හිතෙන්නේ. රටක්, ජාතියක් විදිහට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන නෙවෙයි ලෝක කුසලානය පවා ලංකාවට රැගෙන එනු දැකීමයි අපේ එකම අපේක්ෂාව වන්නේ.

ඒත් ඒ වැනි හැඟීමක්, දැක්මක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට, ක‍්‍රිකට් පාලක මණ්ඩලයට, නිලධාරීන්ට තිබෙනවාද ?

ඊයේ (28) දකුණු අප‍්‍රිකාව සමග පැවැති තරගය ලංකාවට අතිෂය තීරණාත්මක බව අපිට වඩා හොඳින් නායක දිමුත්, මාලිංග, අවිශ්කලා දැන සිටියාට සැකයක් නැහැ. ඒත් දිමුත් බින්දුවට යන කොට, අවිශ්කලා ලකුණු 30ක් ගහන කොට, මාලිංගට හොඳ හැටි බැට වඳින කොට තරගය ආරම්භයට පෙරයි, ශ‍්‍රී ලංකා ඉනිම අවසන් වූ විටයි ක‍්‍රීඩා විචාරකයෝ කියන කතා හුදු ප‍්‍රලාප බවට පත් වෙනවා අපි බලාගෙන හිටියේ දැඩි කණස්සල්ලෙන්.

‘‘දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු’’ කියලා හුණුවටයේ කතාවේ කියනවා. ඒක ඇත්ත, ගමේ ගොඬේ භාෂාවෙන් කියන ‘‘වැපිරුව දේවල්ම තමා කපා ගන්න වෙන්නේ ’’ ඒ කතාවත් ඇත්ත.

ලංකාවට විකල්පයක් ඇත්තෙම නැද්ද ?

Cricket – ICC Cricket World Cup – Sri Lanka Nets – Emerald Headingley, Headingley, Britain – June 20, 2019 Sri lanka’s Lasith Malinga during nets Action Images via Reuters/Lee Smith

මේ ගැන කතා කරන්න පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව කියවා බැලිය යුතුයි. පහත සඳහන් වන්නේ ඊයේ (28) ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා තරගයෙන් පසු ප‍්‍රසාද ලකුණු සටහන.

එහි ඉන්දියාව (6, දකුණු අප‍්‍රිකාව (8 හැර අනෙක් සියලූම රටවල් තරග 7 බැගින් ක‍්‍රීඩා කරලා තිබෙනවා. ඔවුන්ට තව තියෙන්නේ තරග දෙකක බැගින් පමණයි.

පහත සඳහන් වන්නේ ඊයේ (28) ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා තරගයෙන් පසු ප‍්‍රසාද ලකුණු සටහන. එහි ඉන්දියාව (6, දකුණු අප‍්‍රිකාව (8 හැර අනෙක් සියලූම රටවල් තරග 7 බැගින් ක‍්‍රීඩා කරලා තිබෙනවා. ඔවුන්ට තව තියෙන්නේ තරග දෙකක බැගින් පමණයි.

ඒ අනුව තරග 7කට ක‍්‍රීඩා කළ ඔස්ටේ‍්‍රලියාව 7/6ක් ලෙස ප‍්‍රසාද ලකුණු 12ක් සහ දළ ලකුණු + 0.906ක් ලබා ගෙන පළමු තැන ඉන්නවා. ඉන්දියාව මේ දක්වා ක‍්‍රීඩාකර ඇත්තේ තරග 06ක් පමණයි. ඒ වගේම ඔවුන් අපරාජිතව සිිටිනවා (6/0) ප‍්‍රසාද ලකුණු 11ක් වගේම දළ ලකුණු වේගය +1.116ක් වැනි ඉහළ අගයක්. ඒ අනුව පැහැදිලිවම ඉන්දියාව පළමු තැන ඉන්න බව පේනවා. මොකද ඉන්දියාවට තව තරග 03ක් තිබෙනවා. ඒ වගේම දළ ලකුණු වේගය අතින් ඉදිරියෙන්ම සිටින්නෙත් ඉන්දියාව. ඒ අනුව ඉන්දියාවේ ගමන නම් පැහැදිලියි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ගැන සලකා බලන විට 7/2ක් වශයෙන් තමයි වාර්තා වන්නේ ජය පැරදුමෙන් තොර, වර්ෂාව නිසා අතහැර දමන ලද (වැහි ලකුණු) තරග දෙකට ලැබුණ ලකුණු 2 (01 බැගින්) සමග ලංකාව ඉදිරියේ ප‍්‍රසාද ලකුණු 06ක් සටහන් වෙනවා. දළ ලකුණු වේගය අනුව සලකා බලන විට (-1.186ක් ලබා ගෙන සිටින ලංකාව ඉන්නේ 09 වැනි තැන. අපට පහළින් ඉන්නේ සටන්කාමී ඇෆ්ගනිස්ථානය පමණයි. (-1.634) මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාව ඇත්තටම ඉන්න තැන ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකියි.

සිදුවිය හැකි දේ කුමක්ද ?

ක‍්‍රීඩා විචාරකයින්ට අනුව නම් ලංකාවට තවත් වාසනාව තිබෙන බවයි කියන්නේ. ඒ ඉතිරි තරග දෙක අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කිරීම සහ එංගලන්තය තරග පරාජයට පත්වීම මතයි ලංකාවේ ඉදිරි ගමන තීරණය වන්නේ.

ශ‍්‍රී ලංකා මුහුණ දෙන ඉදිරි තරග දෙක වන්නේ අති සුපිරි තත්ත්වයේ පසුවන ඉන්දියාව සහ මේ වන විට 09 වැනි තැන පසුවන බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. පූර්ව අනාවැකි කීමට නොහැකි වුණත් (එංගලන්තයට මෙන්) ඉන්දියාව පරාජය කිරීමක් ගැන නම් කියන්න තියෙන්නේ එය ආශ්වර්යයක් ම විය යුතු බවයි. අවාසනාවන්ත කොදෙව්වන් පවා ලංකාව අභිසය යළි නැගී සිටීමට ඇති හැකියාව කිසිසේත් පහසුවෙන් බැහැර කළ නොහැකියි.

ලංකාව ඉන්දියාව – කෙදෙව් තරග ජයග‍්‍රහණය කළත් ප‍්‍රමාණවත් නොවන බවයි පේන්නේ. ශ්‍රී ලංකාව ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට නම් එංගලන්තය ඉදිරි තරග දෙකම පරාජය වීම අත්‍යවශ්‍ය වන අතර යම් හෙයකින් එංගලන්තය (ජුනි 30) ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජයගත හොත් ශ්‍රී ලංකාවට ඉදිරි තරග දෙක ජයගත්ත ද අවසන් පුර්ව වටයට පිවිසිය නොහැකයි. එංගලන්තයට ඇති ඉතිරි තරග දෙක වන්නේ ඉන්දියාව සහ නවසීලන්තය සමග ඇති තරඟයි.

එංගලන්තය පරාජය වීම ම ප‍්‍රමාණවත් නැහැ. ඊට අමතරව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා පාකිස්තානය සහ බංග්ලාදේශය ඔවුන්ට ඉතිරිව ඇති ඉතිරි තරග දෙකෙන් එක් තරගයක් හෝ පරාජය වීමත් අත්‍යවශ්‍ය වෙනවා.

දෛවෝපගත විදිහට ඒවා ඒහෙම ම වුණොත් දිමුත් – මාලිංග ප‍්‍රමුඛ අපේ කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ නවසීලන්තය සමග අවසන් පූර්ව වටයට පිවිස අවසන් සටනට ද එක්වී ලෝක කුසලානය මව්බිමට රැුගෙන ඒමට ද සමත් විය හැකියි.

ක‍්‍රිකට් ගැන අනාවැකි කියන්න කාටවත් නොහැකියි නිසා එය සිදු නොවිය හැක්කේද නැහැ.

සටහන : කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor