ඉන්දියාවත් පරාජයේ වේදනාව විඳ ගනී : එංගලන්තය යළි පිබිදෙයි : ශ‍්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුත් සුන්

අද (30) ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 38 වැනි තරගය ලෙස සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 31ක පහසු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ සමග මෙතෙක් දිනයක් ‘‘අපරාජිත කණ්ඩායම’’ ලෙස පෙරමුණේ සිටි ඉන්දීය කණ්ඩායමට පියවරක් පසුපසට යෑමට සිදුවනු ඇත.

මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 07කට ලකුණු 337ක් රැස් කළේය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ Jonny Bairstow විසිනි. ඔහු පන්දු 109කදී ලකුණු 111ක් වාර්තා කළ අතර බෙන් ස්ටොක් පන්දු 54කදී ලකුණු 79ක් වාර්තා කළේය.

ඉන්දියාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් ෂම්මි ලකුණු 69කට කඩුළු 05ක් බිඳ හෙළුවේය.

ලකුණු 337ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට කඩුළු 05ක් දැවී නියමිත පන්දුවාර 50 තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 306ක් පමණකි.

රෝහිත් ෂර්මා පන්දු 109කදී ලකුණු 102ක් ද කෝලි පන්දු 76කදී ලකුණු 66ක් ද වාර්තා කළේය.

එංගලන්ත කණ්ඩායමේ ජයග‍්‍රහණයත් සමග අවසන් පූර්ව වටය පිළිබඳ ශ‍්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳ වැටීමට ද ලක්විය.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor