අපේ අපේක්ෂකයා පොහොට්ටුවෙන් පමණයි – මහින්ද යාපා අබේවර්ධන

කොහොම බලපෑම් කළත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවේදී අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ මහින්ද යාපා අබේවර්ධන මහතා,

අපි මේ ඉන්නෙ ජනාධිපතිවරණයක් අභියස. මේ ආණ්ඩුව වසර හතරහමාරක් ගත කළා. නමුත් කරපු දෙයක් නැහැ. මහ බැංකුව හොරකම් කිරීමේ සිට සූක්ෂම ආකාරයෙන් තවත් වංචා රැසක් කරමින් තිබෙනවා. පරාජය වෙන බව දන්න ආණ්ඩුවේ පිරිසට හිර ගෙදර දොරටුව පෙනෙනවා. දැන් උත්සාහ කරන්නේ  තමන්ගේ සියලුම ශක්තිය යොදවා  එය වලක්වා ගැනීමයි.

මහ බැංකු වංචාව සම්බන්ධයෙන් දහදෙනෙකුට  නඩු දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා. එයට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය දීලා වැදගත් කටයුත්තක් කරන බව ජනතාවට හඟවන්න උත්සහ කරනවා. නමුත් මේ වන තෙක් මහේන්ද්‍රන්ගෙන් කටඋත්තරයක් වත් ලබාගෙන නැහැ. කට උත්තරයක් වත් ලබා නොගත් පුද්ගලයෙක් වැරදිකාරයෙක් කරලා නඩු  දාන්නේ කොහොමද. සාක්ෂි  නැති කම්න් මේ නඩුව විසි කලාට පස්සේ  වෙන කිසිම රජයකට ඊට එරෙහිව නඩු දාන්න බැරි වෙනවා.      

වික්‍රමසිංහ මහතා  තමන්ට ඕනේ විදිහට නීති පොත වෙනස් කරගත්තා.  උසාවි හදලා තමන්ට ඕනෙ නඩු විතරක් විභාග කළා. තමන්ට  ඕනේ අය විතරක් හිරේ දැම්මා. තව දුරටත් දේශපාලන කටයුතුවල යෙදෙන්න බැරි විදිහට හිර කරන්නයි මේ අයට අවශ්‍ය. මේ තරම් දුෂ්ට විදිහට පළිගත්නා හොරකම් කරපු ආණ්ඩුවක් රටේ ඉතිහාසයේම හිටියේ නෑ .ඒ නිසයි මැතිවරණ වලට බයේ මැතිවරණ කල් දාන්නේ. ඒ නිසයි දැන් පළාත් සභා මැතිවරණය ගේන්න  උත්සාහ කරන්න. 

අපිට අවශ්‍ය කරන්නේ රටේ පාලනය වෙනස් කරන කරන මැතිවරණයක්. එවැනි මැතිවරණයකට තියෙන්නෙ ජනාධිපතිවරණය විතරයි. ඒ නිසා කුමන හේතුවක් නිසාවත් ජනාධිපතිවරණය කල් දමන්න පොදුජන පෙරමුණ ඉඩ තබන්නේ නැහැ. වහාම ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියලා අපි ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කියනවා.

මැතිවරණය අපේ රටේ ඉරණම තීරණය වන මැතිවරණය. අපි ඒ සඳහා අපේ සියලු ශක්තීන් යොදවනවා. කොහොම බලපෑම් කළත් අපේ අපේක්ෂකයා පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් කරනවා. පොහොට්ටුවක් එක්ක කටයුතු කරන්න කැමති වෙන කෙනෙක් කැමති වෙන්න  එකග වෙන කෙනෙක් එක වෙන්න.එකඟ වෙන්න හැකි කාරණා වලට එකග වෙලා එකඟ වෙලා ජයග්‍රහණය කරන්න සූදානම් වෙන්න.


Recommended For You

About the Author: Editor