අවසන් පූර්ව වටයට යන්න ශ‍්‍රී ලංකාවට තවත් අවස්ථාවක් තිබෙනවාද ?

ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (01) ඩැරම්හී රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල සමග තරග වැඳීමට නියමිතයි.

මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානයේ පසුවන කොදෙව් පිල දැනටමත් තරගමාලාවෙන් ඉවතට විසිවි සිටින බැවින් අද තරගයේදී ඔවුන්ට කිසිදු ආකාරයේ පීඩනයක් නැහැ. නමුත් තවත් තරග 02ක් අතැතිව ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා පිලට අද තරගය යම් පමණකට යළි බලාපොරොත්තු දල්වාගත හැකි තරගයක් බවට පත්කර ගත හැකියි.

අද තරගයෙන් ශ‍්‍රී ලංකාවට ජයගැනීමට හැකි වන්නේ නම් අවසන් හතරට යාමට ඒ සඳහා පෙළ ගැසී සිටින එංගලන්තයේ, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ ඉරණම තීන්දු කෙරෙන ඉතිරි තරග දෙස බලාපොරොත්තු සහගතව බලා සිටීමට වෙනවා.

එත් එයම ප‍්‍රමාණවත් නැහැ. ජූලි 06 වැනිදා ඉන්දියාව සමග පැවැත්වෙන තරගයත් ජයගැනීමට සිදුවෙනවා. ඒ නිසා ශ‍්‍රී ලංකාව ගැන තව දුරටත් විශ්වාසය තබා ගැනීමට අපිට සතියක් බලා සිටීමට සිදු වෙනවා.

අවසන් පූර්ව වටයට කවුද ?

අවසන් පූර්ව වටයට සහභාගී විය හැකි කණ්ඩායම් හතර ගැන අනාවැකි කිව නොහැකි වුණත් කණ්ඩායම් තුන් ගැන නම් පැහැදිලි අනාවැකි කිව හැකියි. ඒ තරග 7/1ක් ලෙස ප‍්‍රසාද ලකුණු 12ක් දිනාගෙන අද වන විට පළමු තැන සිටින ඔස්ටේ‍්‍රලියාව, 7/1ක් ලෙස ප‍්‍රසාද ලකුණු සටහනේ සිටින ඉන්දියාව සහ 7/5ක් ලෙස ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන සිටින නවසීලන්තයයි. 4 වැනි ස්ථානය (අවසන් පූර්ව වටය) සඳහා මේ වන විට එංගලන්තය 7/5 සහ පාකිස්ථානය 8/4 අතර තියුණු තරගයක් තිබෙනවා.

ඒ වගේම මේ දෙස 7/3ක් සහ 7/2ක් ලෙස සිටින බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාවත් බලා සිටිනවා. ඒ නිසා තවත් තරග කිහිපයක් යන තෙක් නිශ්චිතව සිවුවැනියා කවුද කියලා නම් කිරීමට අසීරු වන බවයි පෙනී යන්නේ.

Recommended For You

About the Author: Editor