මහජන චීනයේ 70 වැනි සමරුවට දැවැන්ත ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්

අදින් වසර 70කට පෙර, 1949දී සභාපති මාවෝ සේතුංගේ නායකත්වයෙන් සිදු වූ ඒ අසිරිමත් විප්ලවයට 2019 දී වසර 70ක් සම්පූර්ණ වෙනවා.

කෝටි සංඛ්‍යාත චීන ජාතිකයින්ගේ පමණක් නොව මුළු මානව සංහතියෙම පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක බලපෑමක් කළ චීන විප්ලවයේ, නැතිනම් ‘‘චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය සැමරීමට මහජන චීනය මේ වන විට ලහිලහියේ සූදානම් වෙනවා. මහජන චීනය පසුගිය දශක 07 තුළ ලබා ඇති විස්මිත දියුණුව ලෝකයාට හඬගා කීමටයි ඔවුන් දැන් වෑයම් කරන්නේ.

මේ සැමරුම් උළෙලේ තවත් එක් සුවිශේෂ සිහිවටනයක් ලෙස චීනය නව ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකර තිබෙනවා. ‘‘බීජිං ඩැක්සින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ’’ ලෙස නම් කර තිබෙන මෙම ගුවන්තොටුපොළ ඉදිකිරීමේ වැඩකටයුතු ඊයේ (30) නිල වශයෙන් අවසන් වූ බවයි චීන රජය නිවේදනය කළේ. ඉතාමත් අලංකාරවත් ලෙස තරු ලකුණු සහිත මුහුදු මාළුවෙකුගේ හැඩය ගත් මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වර්ග මීටර ලක්ෂ 7ක පිටවීමේ පර්යන්තයකින් සමන්විත බවයි එම වාර්තා කියන්නේ. එය පාපන්දු තරග තීර 100ක විශාලත්වයකට සමාන විමද විශේෂත්වයක්.

Recommended For You

About the Author: Editor