ස්වයං පාලනය ඇතුළු යෝජනා 11කට එකඟද නැද්ද කියන්න TNA ආණ්ඩුවට මාස 03ක් කල් දෙයි

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශ්වයකට ඉදිරි මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදෙන බව ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (30) දින යාපනය වීරසිංහම් ශාලවේදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16වන මහ සභා සම්මේලනය රැස්වූ අවස්ථාවේදී අවධාරණය කළේය.

මාවෛයි සේනාධිරාජා මහතා නැවත වරක් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායකයා වශයෙන් පත්වීමෙන් පසුව ඊයේ දින නැවතත් පක්ෂයේ මහසභාව කැඳවනු ලැබිණි.

එහිදී උතුරු නැගෙනහිර නව සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනා සාකච්ඡුාවට ලක්ව ඇත.

එහිදී උතුරු නැගෙනහිර නව සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනා සාකච්ඡවට ලක්ව ඇත. ඒවා අතර,
උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ගැටලුව,
උතුරේ සිවිල් ජනතාව‍ගේ ඉඩම් තුළින් ආරක්ෂක අංශ ඉවත් කිරීම,
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම,
හින්දු ජනතාව ජිවත්වන ප්‍රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම,

ඇතුළු ප්‍රධාන යෝජනා 11ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි යෝජනා සම්මතකොට ගෙන තිබේ.

මෙම යෝජනා මාලාව රජයට ඉදිරිපත් කොට මාස තුනක කාලයක් තුළ විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර අදාළ ඉල්ලීම් මාලාව වෙත ලබාදෙන යහපත් ප්‍රතිඵල අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් සිය පක්ෂය සහයෝගය ලබාදෙන කණ්ඩායම තීරණය කරන බවද පක්ෂ නියෝජිතයින් එහිදී අවධාරණය කරනු ලැබූහ.

Recommended For You

About the Author: Editor