ටැබ් දෙන්න කලින් ටැබ් භාවිතය පිළිබදව සිසුන්ට මනා මගපෙන්වීමක් දෙන්න

රට තුල පරිගණක දැනුම සහිත ශ්‍රමිකයන්ගේ හිගයක් නැහැ

මෙරට පරිගණක ආශ්‍රිත නව කර්මාන්ත ආරම්භ කිරීමට පරිගණක පිලිබදව දැනුම ඇති ශ්‍රමිකයන් නොමැති වීම බරපතල ගැටලුවක් බව අගමැති තණමල්විල ප්‍රදේශයේ පාසැලක උත්සවයකට සහභාගී වෙමින් සිදුකළ ප්‍රකාශය වැරදි බවත් මෙවැනි ප්‍රකාශ තුලින් ජාත්‍යන්තර සමාගම් කෙරෙහි ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය පිලිබදව වැරදි අර්ථකතනයක් ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප අවධාරණය කරමු.

මෙරට ඉතා දක්ෂ පරිගණක දැනුමක් සහිත ශ්‍රමිකයන් පිරිසක් සිටිනා බවත් ඔවුන් දැවැන්ත විදේශ සමාගම් වල කීර්තිය දිනාගනිමින් මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට සමත්වී ඇති බවත් එම නිසා කිසිවිටෙකත් ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය කිසිවිටෙක අවතක්සේරු නොකරන ලෙස අප ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අගමැති තුමන්ට දැනුම් දෙමු.

අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම හොද ක්‍රියාවක් වුවත් කිසිදු මගපෙන්වීමක් නැතිව ටැබ් යන්ත්‍ර ලබාදීමෙන් සිසුන්ට පරිගණක දැනුම ලැබෙන්නේ නැති බවත් පරිගණක දැනුම සිසුන්ට ලබාදීමට නම් අන්තර්ජාලය යහපත් ආකාරයෙන් භාවිතය පිලිබදව ඉගැන්වීම, පරිගණක වැඩසටහන් මගින් එදිනෙදා වැඩකටයුතු සිදුකරගැනීමට ඉගැන්වීම ආදිය සිදුකල යුතු බවත් විශේෂයෙන්ම වාර්තාවී ඇති සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි හරහා සිදුවන අපරාධ වලට වැඩි වශයෙන් සම්බන්ධවී සහ ගොදුරුවී ඇත්තේ පාසල් යන වයස් කාණ්ඩයේ පුද්ගලයන් බැවින් නිසි මගපෙන්වීමක් නොමැතිවුවහොත් සිදුවන්නේ පනින රිලවුන්ට ඉනිමං බැදීමක් බව අගමැතිට හා ජනපතිදුන්ට අප සංගමය වගකීමෙන් අවධාරණය කරමු.

Recommended For You

About the Author: Editor