බංග්ලාදේශය හමුවේ ඉන්දියාවට පහසු ජයක්

අද (02) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැති ලෝක කුසලාන පළමු වටයේ 40 වැනි තරගයෙන් ලකුණු 28ක පහසු ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 09කට ලකුණු 314ක් ලබා ගත්තා. එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දු 92කදී ලකුණු 104ක් ද, කේ.එල්. රාහුල් ලකුණු 77ක් ද ලබා ගත්තා.

බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ මුස්ෆිකර් රහමාන් ලකුණු 59කට කඩුළු 05ක් දවා ගත්තා.

ඉන්දියාව විසින් ලබා දුන් ලකුණු 315ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය නියමිත පන්දුවාර 48කදී සියලූ දෙනාම දැවී ලකුණු 286ක් රැස් කළා. ෂඛීබ් අල් හුසෙන් ලකුණු 66යි. Jasprit Bumrah ලකුණු 55කට කඩුළු 04ක් ද පාන්ඩ්‍ය ලකුණු 60කට කඩුළු 03ක් ද දවා ගත්තා.

මේ සමග අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා වන බංග්ලාදේශ බලාපොරොත්තු නිමාවට පත්වන අතර ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 13ක් සමග අවසන් පූර්ව වටයට පිවිසීම ස්ථිර කර ගත්තා.

Recommended For You

About the Author: Editor