ශ්‍රී ලංකන් – මිහින් ලංකා අක්‍රමිකතා සෙවීමට පත් කළ කොමිසමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර කොමිසමේ සෙසු සාමාජිකයෝ ද මීට එක්ව සිටියහ.

2006 වසරේ ජනවාරි මස 01 වැනි දා සිට 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමල ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා වූ මෙම කොමිසම 2018 වසරේ ජනවාරි මස 31 වැනි දින ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී

Recommended For You

About the Author: Editor