පොලිස් නිලධාරීන්ට දුන් ත්‍යාග මුදල් මෙන්න

පොලිස්පතිවරයා විසින් සහ අනෙකුත් කොට්ඨාශ මගින් පොලිස් ත්‍යාග අරමුදලින් පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීම සම්බන්ධව අද (2) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළේය.

ඊට ප‍්‍රතිචාර වශයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පසුගිය 2015 සිට 2019 වසරේ අපේ‍්‍රල් 02 දක්වා අදාළ විස්තර මාධ්‍ය නිවේදනයක් මගින් ලබාදී ඇත.

මෙම මාධ්‍ය නිවේදනය අනුව පෙනී යන්නේ පොලිස්පතිවරයා විසින් 2015 වසරේදී ලබා දුන් ත්‍යාග මුදල රුපියල් 11,796,000ක් වූ බවත් එය 2018 වන විට රුපියල් 63, 891,000 දක්වා 52,095,000කින් වර්ධනය වී ඇති බවත්ය.

අනෙකුත් කොට්ඨාශ මගින් 2017 දී රුපියල් 899,726,255ක් ලබාදී ඇති අතර එය 2018 වන විට රුපියල් 1,138,100,936 දක්වා 238,374,681කින් වර්ධනය වී ඇත.

Recommended For You

About the Author: Editor