රුසියන් න්‍යෂ්ටික සබ්මැරීනයක් ගිනිගෙන නාවිකයින් 14ක් නසී

රුසියා මුහුදු තීරයේ පර්යේෂණයක යෙදී සිටි න්‍යෂ්ටික කටයුතු සඳහා භාවිත කළ කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක් ගිනි ගෙන අනතුරට ලක්වීමෙන් නාවිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

අනතුරෙන් ගමන් ගත් නාවුකයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ කොපමණ පිරිසක් සබ්මැරීනය තුළ ගමන් කළේද යන්න මෙතෙක් හෙළිකර නැති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

Recommended For You

About the Author: Editor