හෙටත් කෝච්චි දුවන්නේ නැහැ: දුම්රියේ අත්තනෝමතික වර්ජනවලට දේශපාලන හා සමාජමය මැදිහත්වීමක් කඩිනමින් ඕනෑ

දුම්රියට සම්බන්ධ වෘත්තීය සමිති 85කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් අද (3) මධ්‍යම රාත්‍රී 12 සිට අඛණ්ඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානයේ මහතා පවසයි.

මේ සඳහා දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති 85 කට අධික සංඛ්‍යාවකගේ සහාය හිමිවන බව විතානගේ මහතා සඳහක් කළේය.

රාජකාරිය කාලය තුළදී බීමත්ව සිටීම සම්බන්ධව වැඩ තහනම් කරන ලද දුම්රිය වෘත්තීය සමිතියක ලේකම්වරයකු නැවත සේවයේ පිහිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරි බලපෑම් කිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

දුම්රියට සම්බන්ධ වෘත්තීය සමිති මාසයට කිහිප වරක් විවිධ හේතු මත වැඩවර්ජන දියත් කරමින් දුම්රිය ධාවනය බිඳ දැමීම පසුගිය කාලය තුළ සුලභ තත්ත්වයක් බවත් ඔවුන්ගේ වැඩවර්ජන මගින් තමන් අතිෂයට පීඩාවටත් අගතියටත් පත්වන බව දුම්රිය මගීහූ පවසති. විශේෂයෙන් දුම්රිය වාර ප‍්‍රවේශ පත‍්‍ර ලබාගත් මගීන් සේම විවිධ අවශ්‍යතා සඳහා දුම්රිය ආසන වෙන්කර ගත් මගීන් ද මේ ආකාරයෙන් දැඩි පීඩාවට පත්වෙති.

දුම්රිය වෘත්තීය සමිති විසින් අත්තනෝමතික ආකාරයෙන් ගෙන යන මෙම වැඩවර්ජන පාලනය කිරීම සඳහා ප‍්‍රබල දේශපාලන සහ සමාජ මැදිහත්වීමක් අවශ්‍ය බව ද මගීහූ පෙන්වා දෙති.

Recommended For You

About the Author: Editor