කෝලිගෙන් සහ රෝහිත්ගෙන් උපහාර ලැබූ 84 හැවිදිරි ක‍්‍රිකට් පිස්සිය

ක‍්‍රීඩාපිටිය තුළ බහුල වශයෙන් උණුසුම් සිදුවීම් මෙන්ම දුර්ලභව අති සංවේදි සිදුවීම් ද දැකිය හැකියි. එවැනි දුර්ලභ සිදුවීමක් පසුගිය දා සිදු වුණා.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ඉන්දියාව ජයග‍්‍රහණ කිරීම සමග ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබුවා. මේ ජයග‍්‍රහණයත් සමග ඉන්දීය නායක විරාත් කෝලි සහ එදින තරගයේ වීරයා වූ රෝහිත් ෂර්මා එය සැමරීමට 87 හැවිරිදි චාරුලත් පටෙල් නම් ක්‍රිකට් ලෝලී කාන්තාවක වෙත දිව ගිය අයුරු දක්නට ලැබුණා.

චාරුලත් තරඟය පුරා ඉන්දීය කණ්ඩායම දිරි ගන්වන අයුරු අන්තර්ජාලයේ පැතිර ගිය අතර තරඟය අවසානයේ අනෙක් ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයෙන් නික්ම යද්දී කෝලි සහ තරඟයේ වීර‍යා වූ රෝහිත් ෂර්මා කෙලින්ම දිව ගියේ චාරුලත් පටෙල් වෙතයි.

චාරුලත් පටෙල්ට අනුව ඇය දැක ඇති විශිෂ්ඨතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා කෝලි බවයි ඇය සමග කතාබහ කළ මාධ්‍යවේදියෙක් තම ට්ටිටර් ගිනුමේ සටහන් තබා තිබුණේ.

Recommended For You

About the Author: Editor