දකුණු දිග ජපානයේ ගංවතුරෙන් 200ක් මරුට

දින කිහිපයක් පුරා දකුණු දිග ජපානයේ ප‍්‍රදේශ රැසක පවතින ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 200 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව ජපන් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු ප‍්‍රදේශයේ පමණක් මිලියනයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත පිටත්කර හැරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින අතර මේවන විට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්කර ඇති සංඛ්‍යාව 860,000ක් බවයි වාර්තා වන්නේ. දකුණු දිග ජපානයේ ප‍්‍රධාන නගර වන කගෝෂිමා, කුමාමොටෝ, මියාසාකි ඇතුළු ප‍්‍රදේශවලට ගංවතුරෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගංවතුර තර්ජනයත් සමග පාසල් 150ක පමණ අධ්‍යයන කටයුතු නතර කිරීමට බලධාරින් තීරණය කර ඇති අතර කගෝෂිමා ප‍්‍රදේශයේ තවදුරටත් ප‍්‍රබල නායයාම් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟයීම් නිකුත් කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor