සංචාරක ව්‍යාපාරය යළි පණ ලබයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව බිඳ වැටීමට ලක්ව තිබූ සංචාරක කර්මාන්තය යළි සක‍්‍රීයභාවයට පත් වෙමින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී ඇතැයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සභාපති කිෂූ ගෝමස් මහතා සඳහන් කරයි.

මේ සඳහා ශ‍්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ප‍්‍රධාන රටවල් 16ක් සංචාරක තහනම ඉවත්කිරීම ද හේතු වූ බවයි ගෝමස් මහතා සඳහන් කරන්නේ. සංචාරකයන් ඉලක්ක කරගනිමින් තවත් ප‍්‍රවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව ද සඳහන් කළ සභාපතිවරයා සංචාරක ව්‍යාපාරය බිඳ නොවැටී පවත්වා ගැනීම සඳහා රජය විසින් පසුගිය කෙටි කාලය තුළ ඵලදායී වැඩසටහන් රැුසක් දියත් කළ බව ද සඳහන් කළා.

Recommended For You

About the Author: Editor