කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දිග කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ඩ්ක්‍රෙස්ට් නගරය ආසන්නයේ හටගත් භූකම්පනය රිච්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුතු බව සඳහන්. ලොස් ඇන්ජලිස් නගරයට ඊශාන දෙසින් කිලෝ මීටර 150ක් ඈතින් එහි අපකේන්ද්‍රය පිහිටි බවයි වාර්තා වන්නේ.

නෙවාඩාහි ලාස්වේගාස් නගරයට ද භූ කම්පනය දැනී තිබේනවා.

භූ කම්පනයත් සමග හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රිච්ඩ්ක්‍රෙස්ට් ප්‍රාදේශීය රෝහලේ රෝගීන් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

බලධාරීන් කියා සිටිනනේල භූ කම්පනයත් සමග ගොඩනැගිලි කඩා වැටීමෙන් ඒවාට යටවී පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී ඇති බවයි. නෙවාඩාහි ලාස්වේගාස් නගරයට ද භූ කම්පනය දැනී තිබෙනවා.

පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති අතර වසර 20කින් සිදුවූ විශාලතම භූ කම්පනය ලෙස මෙය සැලකෙනවා.

Recommended For You

About the Author: Editor