පාකිස්ථානයේ ලෝක කුසලාන සිහිනය බොඳවෙද්දී නවසීලන්තය යළි සිහින දකී

අද (05) පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර ලන්ඩන් නුවර ලෝඞ්ස් ක‍්‍රීඩාංගනයේ පැවැති ලෝක කුසලාන පළමු වටයේ තරගයෙන් 43වැනි තරගයෙන් ලකුණු 94ක ජයක් ලැබීමට පාකිස්ථානය සමත් වුණත් ලෝක කුසලාන අර්ධ අවසන් වටයට පිවිසීම සඳහා තිබූ අවස්ථාව අනපේක්ෂිත ලෙස ගිලිහී ගියා.

ඒ අනුව තරග 09/5ක් වශයෙන් ප‍්‍රසාද ලකුණු 11ක් සහ දළ ලකුණු වේගය + 0.175ක් වාර්තා කළ නවසීලන්තය සිව්වන ස්ථානය දිනා ගනිමින් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

තරග 9/5ක් ලෙස ප‍්‍රසාද ලකුණු 11ක් සහ දළ ලකුණු වේගය – 0.430ක් සහිතව පාකිස්ථානය 05වන ස්ථානයට පත් වූ අතර ශ‍්‍රී ලංකාව කණ්ඩායම 8/3ක් ලෙස ප‍්‍රසාද ලකුණු 08ක් දිනා ගනිමින් 06 වැනි ස්ථානයේ පසුවෙනවා.

පාකිස්ථානයට පහසු ජයක්

පළමුවෙන් පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුළු 09කට ලකුණු 315ක් (315/9) රැස් කළා. පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ Imam-ul-Haq පන්දු 100කදී ලකුණු 100ක් ද Babar Azam 96/98, බැගින් වාර්තා කරමින් පාකිස්ථාන ඉනිම ශක්තිමත් කළා.

පාකිස්ථානයට එරෙහිව පන්දු යැවූ බංග්ලාදේශයේ Mustafizur Rahman 5/75, Mohammad Saifuddin 3/77 බැගින් කඩුළු වාර්තා කළා.

පාකිස්ථානය විසින් ලබා දුන් ලකුණු 315ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ ක‍්‍රීඩකයින්ට අනපේක්ෂිත ලෙස පන්දුවාර 44.1කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 221ක් පමණයි.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ Shakib Al Hasan 64/77 විසින් වාර්තා කළා.

බංග්ලාදේශයට එරෙහිව අති දක්ෂ ලෙස පන්දු යැවූ පාකිස්ථානයේ Shaheen Afridi ලකුණු 35කට කඩුළු 06ක් බිඳ දමමින් බංග්ලාදේශය සිහින බොඳ කළා.

Recommended For You

About the Author: Editor