පූජිත් ජයසුන්දරට නඩු පිට නඩු

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ ක‍්‍රියාකරු වශයෙන් කටයුතු කළ අමරකෝන් බණ්ඩා යන පොලිස් නිලධාරියා කළ පැමිණිල්ලකට අනුව CID විසින් සිදුකරන පරීක්ෂණවලට අදාළව පුජිත් ජයසුන්දර මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (5) CID යට අවසර දුන්නේය.

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ ක‍්‍රියාකරු වශයෙන් කටයුතු කළ අමරකෝන් බණ්ඩා යන පොලිස් නිලධාරියා කළ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් CID නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි සෝපානයේ ක‍්‍රියාකරු වශයෙන් කටයුතු කළ අමරකෝන් බණ්ඩා යන පොලිස් නිලධාරියාට සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම, සාපරාධී බියගැන්විම යන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ගත යුතු බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරින්ගේ ප්‍රකාශ සටහන් කරගත් බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය පටිගත වී ඇති CCTV දර්ශන ඇතුළත් CD තැටි අධිකරණයේ තැන්පත් කර ඇතැයි දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අදාළ CCTV දර්ශන ඇතුළත් CD අවශ්‍ය වී ඇතැයි ද ඒ හේතුව නිසා දැනට අධිකරණ බාරයේ ඇති මෙම සිද්ධිය පටිගත වී ඇති දර්ශන ඇතුළත් CD තැටි තමන් වෙත මුදා හරින්නැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ සඳහා අවසර දුන් මහෙස්ත‍්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප‍්‍රගතිය ලබන සැප්තැම්බර් 4 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටී.

Recommended For You

About the Author: Editor