සුපිරි නිරූපිකා ‘කිම් කාඩේෂියන්’ට ඩොලර් මිලියන 2.7ක වන්දියක්

ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ රූපවාහිනී තාරකාවක් වන ‘කිම් කාඩේෂියන්’ Kim Kardashian West යන නම ලංකාවේ බටහිර ජනප‍්‍රිය සංස්කෘතිය අනුගමනය කරන්නන් හට නම් එතරම් නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. ඒ ලෝ ප‍්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන කිම් දෛනිකව පුවත් මවන්නියක් බවට බවට පත්ව සිටින නිසයි.

කිම් කාඬේෂියන් ගැන මීට මාස කිහිපයකට පෙර, හරියට කියන්නේ නම් 2018 ඔක්තෝබර් මාසයේ බී.බී.සී ඇතුළු බටහිර මාධ්‍යවල ආකර්ෂණීය, ඒත් අනතුරු අඟවන පුවතක් පළ වුණා. ඒ එක්සත් රාජධානියේ සයිබර් ආරක්ෂණ සමාගමක් වන McAfee ආයතනය පවසන පරිදි 2018 වසරේ එක්සත් රාජධානිය තුළ කරන ලද ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩි ම භයානක නම කිම් කාඩේෂියන් බවට පත්ව තිබුණා.

කිම් සමග ඊළඟ අඩව්ව ඇල්ලූවේ ජපානයේ කාන්තාවන්. ඒ පසුගිය ජූනි 25 වැනිදා. සාම්ප‍්‍රදායිකත්වය ජීවිතයටත් වඩා අගය කරන ජපන් ලඳුන් සහ ‘‘කිමෝනාව’’ අතර තිබෙන්නේ ගසට – පොත්ත වාගේ බැඳීමක්. ඒත් ඕනෑම දෙයක් අලෙවි කිරීම තම ජීවිකාව කරගත් කිම්ලාට මේ සාම්ප‍්‍රදායික බැඳීම් අදාළ නැහැ. කිම් විසින් ශරීරය හැඩකර පෙන්වීම පිණිස හඳුන්වා දෙනු ලැබූ නව ඇඳුම් සන්නාමයක් ජපනුන්ගේ ඇස් රතු කළා. ‘‘කිමෝනෝ ඉන්ටිමේට්ස්’’ Kimono Intimates නමින් නව ඇඳුම් වර්ගය වෙළෙඳපොළට හඳුන්වා දීමේ අරමුණ කාන්තාවන්ගේ හැඩය සැමරීම සහ වැඩි කර පෙන්වීම බවයි කිම් කාඩේෂියන් පැවසුවේ.

කෙසේ නමුත් ජපානයේ ජනතාව සමාජ මාධ්‍යවල මෙම ඇඳුම් සන්නාමය දැඩි ලෙස විවේචනයට ලක් වුණා. ඒ එමගින් ජපානයේ සම්ප්‍රදායක කිමානෝ ඇඳුමට අගෞරවයක් වන බව පවසමිනුයි.

ජපන් විවේචකයෝ මෙහෙම කිව්වා,

‘‘මේ හඳුන්වා දී තිබෙන ඇඳුම අපේ කිමෝනෝ ඇඳුමට කිසිම සමානකමක් නැහැ. ඇය නමක් තෝරලා ඇති ඇයගේ කිම් නම ඇතුළත්. මේ දේට අපේ සංස්කෘතියේ ඇති තැන ගැන කිසිම ගරු කිරීමක් කරලා නැහැ’’

කිමෝනාවෙන් ලෝක අවධානය දිනාගත් කිම් අද (5) නැවත ලෝක අවධානය දිනාගත්තා.

ඒ කිම් කාඩේෂියන් වෙස්ට් පළඳින මෝස්‌තර නිර්මාණ පිටපත් කර විකිණීම හේතුවෙන් ඇයට ඩොලර් මිලියන 2.7ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ‘‘මිස්ගයිඩඩ්’’ Missguided ආයතනයට අධිකරණය විසින් නියෝග කිරීමත් සමගයි.

කිම් කාඩේෂියන් වෙස්ට් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇඳුම් ‘‘ඉතා නරක විදියට පිටපත් කරගැනීම, සහ ඒවා විකිණීමට ඇයගේ නම භාවිත කිරීම හේතුවෙන් මිස්ගයිඩඩ් ආයතනයට විරුද්ධව ඇමරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර තිබුණා. අදාළ චෝදනාවට විරුද්ධව මිස්ගයිඩඩ් ආයතනය හේතු ඉදිරිපත් නොකළ අතර, කිම් කාඩේෂියන් වෙස්ට් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක වන්දියක් ප්‍රදානය කළා.

එමෙන්ම, මිස්ගයිඩඩ් ආයතනයේ, වෙළෙඳාම් කටයුතු, ප්‍රචාරණය සහ බෙදාහැරීම සඳහා කිම්ගේ වෙළෙඳ නාමය යොදා ගැනීම, තහනම් කිරීමට ද අධිකරණය ක්‍රියා කළා.

Recommended For You

About the Author: Editor