එක්දින ක‍්‍රිකට් මෞලි මංග්‍යලයට තවත් දින 07යි : අවසන් ප‍්‍රසාද ලකුණු සටහන මෙන්න

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තවත් ඉතිරිව තිබෙන්නේ තරග 02ක් පමණයි. ඒ අද (6) ශ‍්‍රී ලංකාව – ඉන්දියාව අතර හෙඩින්ග්ලි ලීඞ්ස් හි පැවැත්වෙන තරගය සහ ඔස්ටේ‍්‍රලියාව – දකුණු අප‍්‍රිකාව අතර ඕල්ඞ් ට‍්‍රෆර්ඞ්, මෑන්චෙස්ටර් දී පැවැත්වෙන තරගය පමණයි.

මේ තරග ද්විත්වයෙන් කවුරුන් ජයග‍්‍රහණය කළ ද එය අවසන් පූර්ව වටයට බලපෑමක් කරන්නේ නැහැ. ඊට හේතුව වන්නේ ඊයේ (5) පාකිස්ථානය – බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් පසු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 04 තීන්දු වූ නිසයි.

ඊයේ රාත‍්‍රියෙන් පසු ප‍්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා. ඒ අනුව ඔස්ටේ‍්‍රලියාව 01, ඉන්දියාව 02, එංගලන්තය 03 සහ නවසීලන්තය 04 වැනි ස්ථානයේ පසු වෙනවා. ලංකාවේ ඊනියා පේන කියන්නියන්ගේ හිතළු අනාවැකි යළි යළිත් බොරු කරමින් ලංකාව පළමු වටයෙන්ම ඉවතට විසිව තිබෙනවා.

අවසන් පූර්ව වටය

අවසන් පූර්ව වටයේ තරග 02ක් පැවැත්වෙන අතර ඒ ප‍්‍රසාද ලකුණු සටහනේ 01 ස්ථානයේ සහ 04 වන ස්ථානයේ පසුවන කණ්ඩායම් අතර (ඔස්ටේ‍්‍රලියාව – නවසීලන්තය – ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ්, මෑන්චෙස්ටර්) ජූලි 09 වැනිදාත් ප‍්‍රසාද ලකුණු සටහනේ 02 -03 කණ්ඩායම් ( ඉන්දියාව – එංගලන්තය – චජ්බාස්ටන් – බර්මින්හැම්) අතර ජූලි 11 වැනිදාත් වශයෙනුයි.

අවසන් තරගය – ජූලි 14

අවසන් පූර්ව වටයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ජූලි 14 වැනිදා ලන්ඩන් නුවර ලෝඞ්ස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. එහිදී මුණ ගැසෙන කණ්ඩායම් දෙක ගැන අනාවැකි පළ කිරීමට නොහැකි අතර අති දක්ෂයින්ම පමණක් ඒ සඳහා සුදුසුකම් ලබන බව නම් පැහැදිලියි.

ඒ සමගම තවත් වැදගත් කරුණක් ගැන සඳහන් කළ යුතුයි. ඒ දක්ෂයින්ගෙනුත් දක්ෂයින් අතර පැවැත්වෙන මෙම තරග තමන්ගේ ඊනියා මිත්‍යාදෘෂ්ටික ව්‍යාපෘතිවලට දායකකර ගැනීමට තැත් කරන ඊනියා පේනකාරියන්ට යළි යළිත් තම නොහැකියාව මෙන්ම තමන් කරන බොරුවේ තරම හෙළි වූ බවයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor