මට මහන්සියි මම ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමු ගන්නවා – ලසිත් මාලිංග

තමන් දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිප බවත් මෙම ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවත් ලසිත් මාංලිංග කියයි.

සමග සංවාදයකට එක් වෙමින් මාලිංග මේ බව සඳහන් කර ඇත. එහිදී තම ක‍්‍රිකට් අනාගතය ගැන මාලි මෙසේ ද පවසා සිටියා.

‘‘මම දැන් සටන් කළා… සටන් කළා, දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක් ද මම ගහනව නම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල’’

‘‘ඒගොල්ලන්ගේ දැක්මයි මගේ දැක්මයි සැසඳුණොත් මම ඒ දක්වා ඉඳියි. නැත්නම් ඉතා ඉක්මනින් සම්පූර්ණ වශයෙන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි. මේ ලෝක කුසලානයෙන් පස්සේ මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා එක්දින පිටියෙන් සමුගන්න’’ලසිත් මාලිංග කියා සිටියේය.

මේ සමග ජනමාධ්‍ය ගැන ද තම අදහස් පළ කිරීමට මාලිංග අමතක නොකළේය.

‘‘අවුරදු 10ක් තිස්සේ මට ගහපු විදිහට ඔය හැම මාධ්‍යයක් ම වෙන ක්‍රීඩකයෙක්ට ගැහුව නම් මම හිතන්නේ නැහැ ඒ ක්‍රීඩකයෝ කෙලින් වෙලා එයි කියලා’’

මේ සමග තමන්ට සිදු වූ අසාධාරණයන් සහ කෙණහිලිකම් ද ඒවාට එරෙහිව තමන් නැගී සිටි ආකාරය ද මාලිංග සිහිපත් කළේය.

2018 නිදහස් කුසලානයට කණ්ඩායම තෝරා ගන්න තිබුණු දේශීය තරගාවලියේ මම වැඩි ම කඩුලු ලාභියා. මම ගිහිල්ලා ඇහුව ම ඒ තේරීම් කමිටුවෙන් ඒ ගොල්ලෝ තෝරන 15 දෙනාගේ සංයුතිය අනුව මට ස්ථානයක් නැහැ කිව්වා. මම දන්නේ නැහැ ඒ ගොල්ලෝ ක්‍රිකට්වල මොන දැනුමෙන් මේ දේ කිව්ව ද කියලා’’ ලසිත් මාලිංග සඳහන් කළේය.

‘‘මගෙන් වගේ පොඩි අයගෙන් පළිගන්න ලැහැස්ති වුණොත් ඒ අය ක්‍රීඩාවෙන් අයින් වුණොත් ඒ හැකියාවන් ආයේ ගන්න බැහැ වැඩි ම කඩුළුලාභියා වෙලා අවුරුදු 16ක් ක්‍රිකට් ගහපු මාව එළියට දැම්ම නම් පොඩි කට්ටිය එළියට දාන එක මහ දෙයක් නෙවෙයි’’

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණ ගැන ද මෙහිදී මාලිංග තම අදහස් දැක්වූවා.

මම දන්න විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දවසකට මේ සාමාන්‍ය ක්‍රීඩාංගණයකට රුපියල් 80ල000ක් ගෙවනවා තරගයක් පවත්වන්න. දවස් තුනේ තරගයකට මේක තුන් ගුණයක්ග ජාත්‍යන්තර ක්‍රීඩා පිටි 5ක් විතර ලංකාවේ තියෙනවා. මම කියන්නේ මේ සල්ලි ක්‍රීඩා සමාජවලට දෙන්න එපා. තරග 10ක් තියෙනව නම් 5කට දෙන්න ඉතිරි තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ගහන්න. එතකොට අවුරුදු 3ක් යනකොට සෑම දේශීය ක්‍රීඩකයෙක් ම ශ්‍රී ලංකාවේ තියෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල තරග 10ක් වත් ක්‍රීඩා කරලා අත්දැකීම් ලබාගන්න පුළුවන්. මේ ළමයින්ට ඒ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරන්න හොඳට පුරුදු වෙනවා පොඩි ක්‍රීඩාංගණවල විතරක් ක්‍රීඩා කරන්නේ නැතුව’’

නවක ක‍්‍රීඩකයින් පුහුණු කිරීම ගැන මාලිංගට තිබෙන්නේ මෙහෙම අදහක්,

IPL කණ්ඩායම් 8ක් තියෙනවා. මාස එක හමාරක් තුළ ඔවුන් තරග ක්‍රීඩා කරනවා. අපේ ලංකාවේ ඉන්න වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් හැම කණ්ඩායමක ම දෙන්නෙක් ගාණේ පුහුණුවීම්වල පන්දු යැවීමට යවන්න. ඒ කාලයට ව්යදම් කරලා, හෝටලයේ කාමරයක් දාලා කන්න දීලා යවන්න. එතකොට ඒගොල්ලෝ එහෙ ඉන්න ලෝකයේ හොඳ ම පිතිකරුවන්ට පන්දු යවන්නේ. එතකොට ඒ ගොල්ලෝ තනියෙන් ඉගෙන ගන්නේ. පහර නොකා ඉන්න ඉගෙන ගන්න ඕනේ. බේරෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒ හැකියාවන් වර්ධනය වෙනවා එතකොට’’

තමන්ට එරෙහිව සිදුවන විවේචනවලට පිළිතුරු දෙමින් මාලිංග මෙහෙම කිව්වා,

ප්‍රතිඵල අතින් මම සාර්ථකයි. මගේ නායකත්වය යටතේ මුලින් ම 2014න් පස්සේ රටට ගහපු ක්‍රීඩකයෝ බලන්න. ඒගොල්ලෝ අද කොතන ද ඉන්නේ කියලා. මම සාර්ථක නායකයෙක්. මම පසුපෙළ ලංකාවේ ඉදිරි අනාගතය පෙන්නලා දීලා ඒ දේ මම කරලා තියෙනවා. මම හඳුන්වලා දුන්නු ක්‍රීඩකයන් බැලුවහම තේරුම් ගන්න පුළුවන් මට ක්‍රිකට්වල දැක්මක් තිබුණ ද කියලා’’

‘‘මම එක්දින කණ්ඩායමේ නායකත්වය දරපු කාලේ මට පුළුවන් හම්බවෙන ක්‍රීඩකයන් හසුරුවන්න විතරයි. පන්දු වාර 50ක් බැට් කර ගන්න බැරි වෙලාවේ ඒ ටීම් එක අරන් මැදට යන මම ද වැරදි නැත්නම් ඕවර 50 බැට් කරන්න බැරි වෙච්ච කට්ටිය හදපු කට්ටිය ද වැරදියි’’

2019 ජූලි 5 වැනි දින බී.බී.සී.සන්දේශය ඇසුරින් සකස් කළේ, කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor