පවුල ජනපති අපේක්ෂකයා තෝරණ සම්ප‍්‍රදායක් එජාපයට නෑ- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා අනෙක් අය මෙන් පවුලේ තීරණ අනුව තෝරා නොගන්නා බවත් රටම නියෝජනය කරන පක්ෂයක් ලෙස එජාප ජනපති අපේක්ෂකයා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් ඉදිරියේදී තෝරා ගනු ඇති බවත් ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පේරාදෙණියේදී සඳහන් කළේය.

පේරාදෙණිය සුබෝධාරාම විහාරස්ථානයේ දම්සභා මණ්ඩපය, භික්ෂූ නේවාසිකාගාරය හා පුස්තකාලය සහිත තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම නිමිත්තෙන් ඊයේ (07) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

ඇමරිකාවට රට දෙන්න ආණ්ඩුව කටයුතු කරන බවට බොරු චෝදනා කරන ඇමරිකයන් පුරවැසියන් මේ රටේ ජනාධිපති ධූරයට මාන බලමින් සිටිනවා. අපි වටහා ගත යුතු කරුණ තමයි මෙරට අපනයනවලින් සියයට 70ක් මිලට ගන්නේ ඇමරිකාව හා යුරෝපය විසින් බවය. ඕනෑම විදේශිකයෙකුට සියයට 300ක බද්දක් ගෙවා මෙරට ඉඩමක් මිලට ගන්න පුළුවන්.

Recommended For You

About the Author: Editor