
මිලියන ගණනක්වූ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 පරිශීලකයින් හට එම සමාගම විසින් පවසා ඇත්තේ නවතම KB4501375 යාවත්කාලීය යාවත්කාලීන කිරීම මගින් වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ පද්ධතියේ දුරස්ථ ප්‍රවේශ සම්බන්ධතා කළමනාකරු හොහොත් Remote Access Connection Manager (RASMAN) පරිගණක සේවාව ක්‍රියාත්මක නොවන බවයි.
මෙම සේවාව වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතිය සහිත ඔබගේ පරිගණකය අන්තර්ජාලයට VPN හරහා සම්බන්ධ කිරීමට උපකාරී වන පරිගණක වැඩසටහනක් වන අතර මෙය ක්‍රියාත්මක නොවීම නිසා වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ VPN යෙදවුම් භාවිතයට කිසිදු හැකියාවක් නොමැති අතර මේ නිසා VPN භාවිතා කොට අන්තර්ජාලය තුල සිදුකිරීමට හැකි සියලුම කාර්යයන් කිරීමේ හැකියාව වැළකෙනු ඇතැයි ඔවුන් සදහන් කොට තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අප ඔබගේ පරිගණකය වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ නවතම යාවත්කාලීන කරා දැන්ම යාවත්කාලීන නොකරන ලෙස දැනුවත් කරමු.