ශ‍්‍රී ලංකාව වසර 23ක් හිමිකම් කී වාර්තාවක් හෙට ගිලිහෙයි

ලෝක කුසලානයේ අවසන් මහා තරගය හෙට (14) ලන්ඩන් හි ලෝඞ්ස් ක‍්‍රීඩාංගනයේදී පැවැත් වෙනවා. දැන් සියල්ල පැහැදිලියි. සත්කාරක එංගලන්තය හෝ නවසීලන්තය ලෝක ක‍්‍රිකට් කුසලානට හිමිකම් කියයි.

ඉන්දියාව, පාකිස්ථානය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය හා නව ඇෆ්ගනිස්ථානය ද ඇතුළත් ප‍්‍රබල දකුණු ආසියාවට සිදුවන්නේ එංගලන්තය හා එංගලන්තයේම අනුපිටපතක් වන නවසීලන්තය අතර අවසන් මහා තරගය දෙස බල බලා හුහුල්ලන්න.

පොඩි කුහක කමක් තිබුණත් ඒක තමයි ඇත්ත කතාව.

අපිට අහිමි වූ අපිත් නොදැන සිටි ලෝක වාර්තාව

1975 සිට 2015 දක්වා වූ කාලය තුළ පිළිවෙළින් බටහිර ඉන්දීය කොදෙව් (1976 පළමු ලෝක කුසලානය) ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව යන රටවල් 5 මේවන විට ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන තිබෙනවා. ඒ අනුව මෙවර ලෝක කුසලානයේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් 6 වැනි රට බිහිවීමට නියමිතයි.
එංගලන්තය සහ නවසීලන්තය යන රටවල් දෙකෙන් කොයි රට ලෝක කුසලානය දිනා ගත්තත් ඒ සමග වසර 23ක් පුරාවට, එහෙම නැතිනම් 1996 සිට, එහෙම නැතිනම් ලෝක කුසලාන තරගාවලි 6ක් පුරාවට අප රැුකගෙන ආ ගෞවරයක් අපිට අහිමි වෙනවා.

ඔව්, හෙට කවුරු දිනුවත් 1996දී ලංකාව ලෝක කුසලානය දිනාගත්තාට පසු මින් පෙර ලෝක කුසලානයට හිමිකම් නොකිවූ, ලෝක කුසලානයේ පහසු නොලැබූ නොඉඳුල් රටකට ඒ කිරුළ හිමි වෙනවා. අපිට තිබූ ගෞරවය අහිමි වෙනවා.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තිඹිරි ගෙන එංගලන්තය වුණාට ඔවුන්ට 1976 පළමු ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වුණ බව අපි බොහෝ වරක් කියා තිබෙනවා. ඒ අතීතය යළි ස්මරණය කරන්නේ නම්, එංගලන්ත කණ්ඩායම ප්‍රථම වරට ලෝක කුසලාන අවසාන මහා තරගයකට ක්‍රීඩා කළේ 1992 පැවති ලෝක කුසලාන තරගාවලියේදී වන අතර එහිදී ඔවුන් පකිස්තානයට පරාජයට පත් වුණා.

නවසීලන්ත කණ්ඩායම 2015 වසරේදී ප්‍රථම වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණා.

ඒ අනුව අවස්ථා දෙකකදීම ලෝක කුසලානය ආසන්නයටම ගිය රටවල් දෙකක් මෙවර තරග වැඳීමත් සුවිශේෂ තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි.

Recommended For You

About the Author: Editor

1 Comment

  1. palamu loka kusalanaya thibune 1975,
    englanthaya palamu warata final awe 1987 australia ekka

Comments are closed.