ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කරන්න පුළුවන් – රනිල් වික්‍රමසිංහ

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර තිබෙන නිසා ඕනෑම අයෙකුට ඕනෑම දේශපාලකයෙකුගෙන් බය නැතුව ප්‍රශ්න කළ හැකි  යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) කෝට්ටේදී පැවසීය..

අගමැතිවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි සොබාසිරි රිෂෙප්ෂන් හෝටලයේ පැවැති සිංහ සමාජ හා ලියෝ සමාජ ක්‍රියාකාරීන්ගේ හමුවේදීය.

අගමැතිවරයා මෙසේද කීය

     ‘‘අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා ඇති කළා . ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා.මැතිවරණ කොමිසම ස්වාධීනව ක්‍රියා කරනවා අණ්ඩුවේ අයටත් මැතිවරණ සමයේ කිසි දෙයක් බෙදන්න බැහැ ඉස්සර ආණ්ඩුවේ අය බෙදුවා දැන් අපි නීතියට අනුව වැඩ කරන සමාජයක් ඇති කර තිබෙනවා.

යුත්තිය රජකරන සමාජයක් බිහිකර තිබෙනවා.විනිවිදභාවයක් තියෙනවා. තොරතුරු දනැ ගැනීමේ පනත අනුව ආණ්ඩුව කටයුතු කරන ආකාරයෙන් විමසා දැන ගන්න  පුළුවන්ය.

මෙහිදී සිංහ සමාජයේ සහ ලියෝ සමාජ ක්‍රියාකාරීන් අගමැතිවරයාගෙන් සමාජ,ආර්ථික,දේශපාලන,අධ්‍යාපන ප්‍රශ්න 21 ක් විමසු අතර අගමැතිවරයා ඒ සෑම ප්‍රශ්නයකටම දීර්ඝ පිළිතුරු ලබා දුන්නේය.

විදෙස් අධ්‍යාපනය ලද තරුණ පිරිසක් මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අගමැතිවරයා වෙත ප්‍රශ්න යොමු කළ අතර අගමැතිවරයා ඔවුන් අගය කරමින් පිළිතුරු දුන්නේය.

විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක කොළඹ දිස්ත්‍රික්  මන්ත්‍රී එස්.එම් මරික්කාර් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

Recommended For You

About the Author: Editor