කුඩු ජාවාරමුන් 4 දෙනා එල්ල ගමන් ‘රෝයල් පාක්’ ඝාතකයාට ජනපති සමාවදීමටත් සලකා බලනවා – ජනපති

‘මම හතරදෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා. මා ගත් මේ තීරණයට එරෙහිව විවිධ දේශපාලන විරෝධතා ආවා. සමහරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මරණ දඬුවමට පක්ෂව ඒ තීරණය ආවොත් දඬුවම ක‍්‍රියාත්මක කරනවා’

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (20) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ජනපතිවරයා,

Image result for royal park murders
රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරු අධිකරණයට රැගෙන එමින්
ඝාතනයට ලක් වූ තරුණිය

‘ඒ වගේම රෝයල් පාක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීමටත් සලකා බලාගෙන යනවා. ඔහු ඒ වරද කළේ වයස 19 දී. දැන් ඔහුගේ වයස 32 ක්. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා’ යැයි ද සදහන් කළේය.

Recommended For You

About the Author: Editor