පාස්කු ඉරිදා කාරක සභාවේ ‘අවසන් වාර්තාව’ 23 දා පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කමිටු සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව පාර්ශ්ව රැසකින් සාක්ෂි සටහන් කර ගැනීම මෙහිදී සිදුවූ අතර ඇතැම් සාක්ෂි විමසීම් මාධ්‍යට විවෘත කිරීමට ද කටයුතු යොදා තිබුණා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුල පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් ද කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.

Recommended For You

About the Author: Editor